July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මීගමුව බන්ධනාගාරය ලෙයින් තෙත් කළ ගැටුමේ සම්පූර්ණ කතාව

1 min read

මීගමුව බන්ධනාගාරය තුළ අද (05) දහවල් රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම “බූරු මූණා” නම් පාතාල කල්ලි සාමාජිකයා සමග සමීප සබඳතා පවත්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සුරේෂ් නමැත්තා විසින් මෙහෙයවා ඇති බව පොලීසිය පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරමක් පාවාදුන් බව කියන සිද්ධියක් මුල් කරගනිමින් මෙම ගැටුම හටගෙන ඇති බව වාර්තා වේ.

එහිදී රැඳවියන් දෙදෙනකු මියගොස් ඇති අතර තුවාල ලැබූ රැඳවියන් 28 දෙනකු මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව මීගමුව මහ රෝහල සඳහන් කළේය.

පොලීසිය සඳහන් කළේ බරපතළ තත්ත්වයේ පසුවන රැඳවියන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට මාරුකර යැවූ බවය.

කෙසේ වෙතත්, ගැටුමෙන් අනතුරුව බන්ධනාගාර පරිශ්‍රය වෙත මීගමුව සහ ඒ අවට පොලිස් ස්ථානවල නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා තිබුණි.

මීගමුව බන්ධනාගාරය කෙටිකාලීන සිරකරුවන් හා රිමාන්ඩ් සැකකරුවන් යන දෙපිරිසම රඳවා තැබෙන ස්ථානයකි.

එහි රැඳවියන් 1800 කට ආසන්න පිරිසක් සිටියි.

එම රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් හට ගෙන තිබුණේ අද දහවල් කාලයේදීය.

බන්ධනාගාරය තුළ සිටි එකිනෙකට ප්‍රතිවාදී කණ්ඩායම් දෙකක් අතර මෙම ගැටුම හටගෙන ඇති බව වාර්තා වේ.

ජනප්‍රිය පුවත්  මීළඟට හඳුන්ගේ අඳුනක් !

ගැටුම දුරදිග යාමත් සමඟ බන්ධනාගාරය තුළ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි.

එහිදී බන්ධනාගාරයෙහි විශේෂිත කුටිවල ඉබියතුරු කඩා එහි රඳවා සිටින විශේෂිත රැඳවියන්ටද කළහකාරී ලෙස හැසිරෙන රැඳවියන් පහරදී ඇති බව පොලීසිය සඳහන් කළේය.

තවත් රැඳවියන් පිරිසක් මත්වීමේ අරමුණෙන් බන්ධනාගාරය තුළ පවතින ඔසුසල කඩා එහි තිබූ වේදනා නාශක අධි මාත්‍රාවෙන් පානය කර ඇත් බවත් පොලීසිය පවසයි.

එවන් පසුබිමක මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් එහි වහලය මත නැගී විරෝධතාවක නිරත වන අයුරු දැකගත හැකිවිය.

පොලීසිය සඳහන් කළේ ගැටුමට මැදිවූ පාර්ශ්වවලට සහාය දක්වමින් ඔවුන් විරෝධයේ නිරත වූ බවය.

මේ අතර මීගමුව බන්ධනාගාරය ඉදිරිපිටට පැමිණි රැඳවියන්ගේ ඥාතීන් පිරිසක්ද නොසන්සුන්කාරී ලෙස හැසිරුණි.

ඒ රැඳවියන් පිළිබඳව තොරතුරු ලබාදීමට බලධාරීන් කටයුතු නොකළ බවට චෝදනා කරමින්.

පසුව පොලීසිය මැදිහත්ව රෝහල්ගතකළ රැඳවියන්ගේ සුවදුක් බැලීම සඳහා ඥාතීන් පිරිසකට අවස්තාව ලබාදුන්නේය.

මේවනවිටත් තත්ත්වය පාලනය කිරීම සඳහා කැරළි මර්ධන ඒකකය, විශේෂ කාර්ය බලකාය, පොලිසිය ඇතුළු කණ්ඩායම් කිහිපයක් බන්ධනාගාරය අභ්‍යන්තරයට සහ අවට පරිශ්‍රයේ ස්ථානගතකර තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x