June 19, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මාලිමාවට සහය දුන් අගලවත්ත උප සභාපති ධුරයෙන් අස්වෙයි

1 min read

ආණ්ඩු පක්ෂය වෙත අගලවත්ත ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීමට සහයෝගය ලබාදුන් ස්වාධීන කණ්ඩායමේ ඉන්දික ජයලත් තමා හෙබ වූ උප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව පසුගියදා පැවැති අගලවත්ත ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීමේදී පවසා තිබෙනවා.

ඒ අනුව අද (19) දින අප කළ විමසීමේදී ඔහු සඳහන් කළේ, සිය ධුරයේ දිවුරුම් දී වසරක් සපිරෙන ජුනි මස 26 වැනිදා උප සභාපති තනතුරෙන් ඉල්ලා අස්වන බවයි.

අගලවත්ත ප්‍රදේශය සංවර්ධන කිරීමේ අරමුණින් දේශපාලන භේදයකින් තොරව අගලවත්ත ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට තමා මාලිමා රජයට සහය දුන් බවයි ඔහු සඳහන් කරන්නේ.

කෙසේ නමුත් සභාවේ කටයුතු තමාට කිසිදු දැනුවත් කිරීමකින් තොරව සිදුකරන බවත්, තමා උප සභාපති ලෙස ඉදිරිපත් කළ එකදු යෝජනාවක් හෝ මේ වනතෙක් ක්‍රියාත්මක නොවුණු බවත්, ඔහු පැවසුවා.

මේ හේතුවෙන් තමා තවදුරටත් සභාවේ උප සභාපති ධුරයේ කටයුතු නොකරන බවත්, මෙතෙක් නියෝජනය කළ කමිටුවලින් ද තමා ඉල්ලා අස්වන බවත්, ඔහු සභාවට දැනුම් දී තිබෙනවා.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x