පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් හා ඔහුගේ හිටපු පුද්ගලික ලේකම්ට ඇප..
1 min read
ප්රාථමික කර්මාන්ත රාජ්ය අමාත්යවරයා ලෙස කටයුතු කළ සමයේදී මැණික් ව්යාපාරිකයන් තිදෙනෙකුට බලපෑමකින් තොරව මැණික් ව්යාපාරය කරගෙන යෑම සඳහා අල්ලස් මුදලක් ලබා ගත් බව සිද්ධියට අදාලව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් සහ ඔහුගේ හිටපු ලේකම් ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම අද (23) නියෝග කළේය.
එක් සැකකරුවෙකුට ලක්ෂ 10 බැගින්වු ශරීර ඇප දෙකක් මත මුදා හැරිිමට නියෝග කළ මහේස්ත්රාත්වරයා විදෙස් ගමන් තහනම් කිරිමට ද නියෝග කළේය.
සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළේය.
සිද්ධියට සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වු අල්ලස් කොමිසම පවසා සිටියේ මෙම සැකකරුට එරෙහිව මැණික් ව්යාපාරිකයන්ගෙන් අල්ලස් ලබා ගැනීමේ සිද්ධියට අදාළව නඩු තුනක් ගොනු කර ඇති බවයි.
අල්ලස් කොමිසම විසින් ඒ ඒ සිද්ධියට අදාලව අධිකරණයේදී කරුණු දැක්වීය.
පුන්සිරි ජෙම්ස් ආයතනයේ අයිතිකරු වන පුන් සිරි තෙන්නකෝන් යන අයගෙන් රුපියල් ලක්ෂ 12 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 05 ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනිම පලමු නඩුවට අදාල චෝදනාව වන අතර සුභාෂ් ජෙම්ස් ආයතනයේ අයිතිකරු වන සුභාෂ් කරුණාරත්න යන අයගෙන් රුපියල් ලක්ෂ 10 මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනිම දෙවන නඩුවට අදාල චෝදනාවයි.
තුන්වන නඩුවට අදාල චෝදනාව වන්නේ ප්රියන්ත ජෙම්ස් ආයතනයේ අයිතිකරු වන ප්රියන්තසරත් සිල්වා යන අයගෙන් රුපියල් ලක්ෂ 02 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනිමයි.
මෙම සිද්ධියේ දෙවන සැකකරු ලෙස ලියනාරච්චිගේ සුමතිපාල ලියනාරච්චි නම් කරන බවද අල්ලස් කොමිස අධිකරණයට දැන්වීය.
සිද්ධියට අදාල පලමු සැකකරු අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.
ඉහත සදහන් කරන ලද නඩු තුන ඇතුලු තවත් එක් නඩුවකට මෙම සැකකරුවන්ට අධිකරණයෙන් ඇප නියම විය.
එම එක් එක් නඩුවට වෙන වෙනම අදාල වන පරිදි එක් සැකකරුවෙකුට ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප දෙකක් මත සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරීමට අධිකරණයෙන් නියම විය.
සිද්ධියට අදාල නඩු හතර ජනවාරි 26 යළි කැඳවිමට නියමිතයි.
