October 24, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රාජ්‍ය ආයතන 34ක් වසාදැමීමට තීරණය කරයි

1 min read

රාජ්‍ය ආයතන 34ක් වසාදැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, බත්තරමුල්ලේ පැවති රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තු සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමිනි.

මේ සඳහා කමිටුවක් ද පත් කර ඇති බව ඒ මහතා සඳහන් කළේය.

රට තුළ ඇති වන ආර්ථික කම්පනයට මුහුණදීම සඳහා ප්‍රමාණවත් තරම් රුපියල් පවතින බව අනුර කුමාර දිසානායක මහතා කීය.

කෙසේවෙතත් බාහිර කම්පනයකට මුහුණදීමට ආර්ථික ශක්තිමත් නොමැති බව ද ඔහු පෙන්වා දුන්නේය.

භාණ්ඩාගාරයට ලැබෙන ධනය පහළට රැගෙනයාම රාජ්‍ය සේවය විසින් සිදු කළ යුතුය.

ඒ සඳහා ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් අවශ්‍ය බවත් වත්මන් ආණ්ඩුව එය දැඩි ලෙස විශ්වාස කරන බවත් ජනාධිපතිවරයා කියාසිටියේය.

කෙසේවෙතත් මෙරට රාජ්‍ය සේවය ආකර්ෂණය නොවන බැවින් බොහෝ පිරිස් එය අතහැර යන බවත් වෘත්තීයවේදී රඳවාගැනීමට සමත් රාජ්‍ය සේවයක් රට තුළ ඇතිව නොමැති බවත් අනුර කුමාර දිසානායක මහතා පෙන්වාදෙයි.

එවන් අසීරු පසුබිමක මූලික වැටුප ඉහළ නැංවීමට තීරණය කළ අතර 2027 වසරේදී වැටුප් වැඩි කිරීමට රුපියල් බිලියන 110ක් අවශ්‍යව ඇති බැවින් මෙම අයවැය ලේඛනයේදී දීමනා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

ජනප්‍රිය පුවත්  ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..

2028 වසරේදී දීමනා ලබාදීම සම්බන්ධයෙන් විශාල ලෙස අවධානය යොමු කරන බවත් එම වසරේදී මූලික වැටුප වැඩි නොවන බවත් ඒ මහතා කීය.

කෙසේවෙතත් රාජ්‍ය සේවය තුළ රඳවාගැනීමට අත්‍යාවශ්‍ය දීමනා සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇත.

කෙසේවෙතත් වෘත්තීමය රාජ්‍ය සේවයේ පුරප්පාඩු රැසක් මතුව තිබෙන බවත් දේශපාලන පත්වීම් හේතුවෙන් එම සේවය පහළ මට්ටම් පිරී ඇති බව අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

එබැවින් ඇතැම් රාජ්‍ය ආයතන වසාදැමීමටත් ඇතැම් ඒවා ඒකාබද්ධ කිරීමටත් තීරණය කර තිබේ.

ඒ අනුව මුදල් අමාත්‍යාංශය විසින් රාජ්‍ය ආයතන 34ක් වසාදැමීමට තීරණය කර ඇති අතර මේ සඳහා කමිටුවක් ද පත් කර ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x