July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දඩයමේ ගමන

1 min read

දැන් මේ රටේ සිහියක් සහ කුඩා හෝ බුද්ධියක් තියෙන ඕනෑම මනුෂ්‍යයෙකුට මේ වෙමින් තිබෙන දේ පැහැදිලි විය යුතුයි.

තවදුරටත් අනුර දිසානායක, මාලිමාව සහ කල්ලිය කරමින් පවතින දේ රහසක් නෙවෙයි.

මාලිමාව බලයට එන්න කළින් අල්ලන්න හොරු පෝළිමක් හිටියා. අනුරලාට ෆයිල් කන්දක් තිබුණා.
නමුත් අද ඒ ෆයිල් නැහැ.

ඒ වගේම ගල් අඟුරු වංචාවේ ඉඳලා හොර ටෙන්ඩර් ගණුදෙනු දක්වා මාලිමාවේ හොරකම් ගැන පරීක්ෂණ නැහැ.

මාලිමාව ඒ කාලයේ ‘හොරු’ කියපු දැන් දේශපාලනයේ නිහඬ එක පුද්ගලයෙකු හෝ මේ වසර දෙක තුළ අත්අඩංගුවට ගෙන හෝ පරීක්ෂණයක් පටන් අරගෙන නැහැ.

අනුර ජනාධිපති වෙච්ච දවසේ ඉඳලා අද දක්වා සිදු කරපු සෑම අත්අඩංගුවට ගැනීමක්ම දේශපාලන ව්‍යාපෘති.

ඒ කියන්නේ ආණ්ඩුව විමර්ෂන කරන්නේ , මිනිස්සු අත්අඩංගුට ගන්නේ යුක්තිය වෙනුවෙන් නෙවෙයි.

ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන්.

සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ දේශපාලන ව්‍යාපෘතියට.

එතැන දී සමහරු මේ ආණ්ඩුව දමිල ඩයස්පෝරාවට වෙච්ච පොරොන්දු ඉටු කිරීමක් ය, ඔවුන්ගෙන් ගත්තු සල්ලි වලට යළි ගෙවීමක් ය කියලා කිව්වා.

ජනප්‍රිය පුවත්  අනුර තමන්ගෙම විශ්‍රාම සැප අහෝසි කරගත්තලු 🤣

එතැන දී ඒ තර්කයට 100% ක් මිනිස්සු කන්වින්ස් වුණේ නැහැ.

හැබැයි අද ආණ්ඩුව ඒ බව ඔප්පු කරලම පෙන්නුවා.

අද රටේ යුද්ධය අවසන් කරන්න අණ දීපු නාවික හමුදාපතිවරයා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් මාලිමාව ඇරෙස්ට් කළා.

මේ වසන්ත කරන්නාගොඩ.

මේ එක තත්පරයක් හෝ හිර කූඩුවක ඉන්න සුදුසු මනුස්සයෙක් නෙවෙයි.

වීර පුරන් අප්පුලාගේ පරම්පරාවේ ජාතික වීරයෙක්. මල් මාලා දැමිය යුතු, සැමරිය යුතු මනුස්සයෙක්.

ලෝකයේ කිසිම ශිෂ්ඨ රටක් තමන්ගේ හමුදාපතිවරුන්‍ට අත තියලා නැහැ.

ජවිපෙ ආණ්ඩුව මේ මනුස්සයාට අත තියන්නේ හොරකමකට, වංචාවකට නෙවෙයි.

ඔහු අත්අඩංගුවට පත් වෙන්නේ යොෂිත නාවික හමුදාවට බඳවා ගැනීම සම්බන්ධයෙන්.

සරලවම යුද්ධය අවසන් කිරීමට වැදගත් වූ සන්නිවේදන උපක්‍රමයකට.

තවදුරටත් මේවා යුක්තිය සම්බන්ධ කාරණා නෙවෙයි.

මේවා ආණ්ඩුව ගෙනියන ව්‍යාපෘතියේ සංකේත.

ආණ්ඩුව ආපහු ජාතිවාදය අදින්න, ඒ ඔස්සේ සුලු ජාතික ඡන්ද අයිසොලේට් කරලා කඩාගන්න තුච්ච ව්‍යාපෘතියක ඉන්නවා.

කරන්නාගොඩ ඇරෙස්ට් කරලා අද ඔවුන් දමිල ජනතාවට, ඉතාම ජඩ, වැරදි, ජාතිවාදී ප්‍රිතියක් දුන්නා.
මේ පහර දෙන්නේ යුද ජයග්‍රහණයට.

ජනප්‍රිය පුවත්  ඊළමට පාර කපන හැටි!

කිසිසේත්ම මේ සහජීවනය නෙවෙයි.

අනික් පැත්තට අනුර කුමාර ඉදිරි දින වල දී ප්‍රංශයට යනවා.

එතැන දී ඔහුට දමිල ඩයස්පෝරාව සම්මුඛ වීමට නියමිතයි.

මේ ඔහු ප්‍රංශයට යන්න කළින් කොටි ඩයස්පෝරාව සතුටු කරපු හැටි.

තමුසෙලා දීපු සල්ලි වලට මම උපරිම සාධාරණයක් කළාය කියලා කියන හැටි.

මම කරන්නාගොඩට පවා අත තිව්වා කියලා කියන හැටි.

රාජ්‍යයක් විදියට තවදුරටත් ශ්‍රී ලංකාවට වැටෙන්න තැනක් නැහැ.

ප්‍රජාවක් විදියට අපි වැටෙන්න පුළුවන් අකෘතඥතාවයේ උපරිමය අද ලකුණු කළා.

රටවල් තමන් වෙනුවෙන් සටන් කරපු යුද වීරයො, වැරදි වලදි පවා ඔවුන් ආරක්ෂා කරන්නේ නිකන් නෙවෙයි.

රටක සමාජයක යුද වීරයො කියන්නේ රටක, සමාජයක බිල්ඩින් බ්ලොක්ස් නිසා.

මානව ඉතිහාසයේ කිසිම රටක්, කිසිම ප්‍රජාවක්, කිසිම ජාතියක් තමන් උදෙසා සටන් කරපු තමන්ගේ වීරයන් මේ විදියට පාවා දීලා, එතැනින් එහාට ගොඩනැගිලා නැහැ.

  • Sachin Rathwatte –

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x