දකුණු ආසියාවේ වේගයෙන්ම දියුණුවෙන රට ලංකාව කියලා ලෝක බැංකුව සහතිකයක් දුන්නා.. – නියෝජ්‍ය ඇමති සරත්
1 min read
දකුණු ආසියාවේ වේගයෙන්ම දියුණුවන රට ශ්‍රී ලංකාව බවට ලෝක බංකුවෙන් සහතිකයක් ලැබුණු බව නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසයි.
රටේ භාණ්ඩාගාරය හිස් වී රට බංකොළොත්ව, තැන තැන පෝලිම් තිබුණු යුගයක වත්මන් රජය රට භාරගත් බවත් එසේ භාරගත් රට මේවන විට ආසියාවේ වේගයෙන්ම දියුණුවෙන රට බවට පත්ව ඇති බවට ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තරයෙන් පසුගිය සතියේ සහතිකයක් දුන් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේය.
ඉන්දියාව, පාකිස්ථානය අභිබවා යමින් දකුණු ආසියාවේ වේගයෙන්ම සංවර්ධනයවන රට ශ්‍රී ලංකාව බව ලෝක බැංකුව පැවසූ බවයි නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් වැඩිදුරටත් සඳහන් කළේ.
