May 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ටිං ටිං ගේ කතා වස්තුව – දෙවන කොටස

1 min read

ටිං ටිං ට ප්‍රධාන ලේකම් තනතුර දෙන්නැයි “සිරි අයියා” හෙවත් සෝමවංශ අමරසිංහ “ෆැක්ස්” මගින් එකල පැවැති ජ.වි.පෙ. දේශපාලන මණ්ඩලයට දන්වා එවන විට, ටිං ටිං ගැන එහි සිටි කිසිවකු දැන සිටියේ නැත. දැන සිටි එකම කරුණ වූයේ වාද්දුව හමුදා කඳවුරට පහරදීමට ගිය නිමල් කරුණාරත්න සන්නද්ධ බලකායේ පිරිසට අවශ්‍ය ආයුධ ටික ගෝනියක දමාගෙන කරේ තබාගෙන රැගෙන ගියේ ටිං ටිං කියාය. එසේ යන විට ටිං ටිං ගැන සැක සිතී ආරක්ෂක අංශ ටිං ටිං ට නතරවන ලෙස දැන් වූ විට, ආයුධ සහිත ගෝනිය බිම තබා කෝච්චි පාර උඩදීම ටිං ටිං අත්දෙක ඔසවා යටත් වූ බවය. හිරගෙදරදී ටිං ටිං සුවිශේෂ චරිතයක්ව සිටියේ නැත. ඔහු කළේ තමන්ගෙ පාඩුවේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන සිටින එකය.

එසේ වූ ටිං ටිං හිරගෙදරින් ආ විට එකවරම ප්‍රධාන ලේකම් බවට පත්විය. ඒ ගැන පසු කලෙක පක්ෂයේ ප්‍රධානියකු “සිරි අයියා” ගෙන් විමසූ කල ඔහු දී තිබුණේ අපූරු පිළිතුරක්ය.

“පක්ෂය තහනම් කලාට පසු මම හැංගුනා. පයාගල අපේ පවුල නතර වුණා. මට යන්න එන්න විදිහක් නෑ. ඒ කාලෙ අපේ ගෙදර ගැන හොයලා බැලුවේ එයා. අක්කාට (සෝමවංශගේ බිරිඳට) උදව් කළේ මෙයා. ලන්ඩන් ඉන්නකොට අක්කා තමයි කිව්වේ මේ වෙලාවෙ එයාව ප්‍රධාන ලේකම් කරන්න කියලා. එයා සාමාන්‍යයෙන් මිනිස්සු ගැන කියන ඒවා නිවැරදියි.”

ජනප්‍රිය පුවත්  හරිනිගේ PHD එකෙත් කොස්සක්!

සිරි අයියා තම බිරිඳගේ නිර්දේශය මත නන්දන ගුණතිලක ප්‍රධාන ලේකම් තණතුරෙන් ඉවත් කර, ටිං ටිං ට එම තණතුර දුන්නේ ඒ අයුරින් හිතාබලාය. ප්‍රතිපත්තිමය විවාදයක කෙළවර නන්දන ජ.වි.පෙ. අතහැර ගිය බව සැබෑය. පසුව එ.ජා.ප.යට ද ගිය බව සැබෑය. එ.ජා.ප.යෙන් පානදුර නගරාධිපතිව සිටි බව ද සැබෑය. ඒ සියල්ල සැබෑ සේම නන්දන මිය යන විට හෝ ඝාතනය කරන ලද විට අතේ සතේ තිබුණේ නැත. හිටියේ කුලී කාමරයකය. ගමන් කළේ පොදු ප්‍රවාහන සේවාවන්ය. එහෙත්, නන්දන වෙනුවට ප්‍රධාන ලේකම් කම ලබා ගත් ටිං ටිං ගේ පවුලේ සොහොයුරන් අද බේරුවල පැත්තේ සල්ලි පොලියට දෙන්නේය. සුපිරි ජීවිත ගෙවන්නේය. ඒ කෙසේදැයි මේ වෙලාවේ අප කියන්නට යන්නේ නැත.

ටිං ටිං ප්‍රධාන ලේකම් වී පැමිණි ජ.වි.ප.ය එදා වූ දේශපාලන මණ්ඩලයට නායකත්වය දෙන විට කාටත් තේරුනේ ඔහු දක්ෂයකු නොවන බවය. ප්‍රබල නායකත්වය පෞර්ෂත්වයක් නොතිබූ බවය. නමුත්, විප්ලවවාදී සාහිත්‍යය තුළින් උගන්වා තිබුණේ හෝ චි මිං වැන්නන්, පිටතින් පෙනෙන නායකත්ව පෞ‍ර්ෂ නොවුනාට සැබෑ නොපෙනෙන වැඩ්ඩන් බවය. ටිං ටිං ද එවැන්නකු වන්නට ඇතැයි සිතා හැමෝම සිත හදා ගත්හ.

ජනප්‍රිය පුවත්  බිඳුණු සහ විසිරුණු පරපුරක් සඳහා මාලිමා ආණ්ඩුවේ සැඟවුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

ටිං ටිං හරි ගුප්තය. වැඩිය නොව, කොහොමටවත් විවෘත වන්නේ නැත. ඔහුගේ පෞද්ගලික ජීවිතය බෙහෙවින් සංවෘතය. ඒ නිසා දේශපාලන මණ්ඩලයේ වැඩි දෙනෙක් ඒ ගැන දන්නේ ද නැත. ජ.වි.පෙ. ප්‍රධානින් ටිං ටිං ගේ නෝනාට කීවේ “සුජාතා අක්කා” කියාය. ඇය ටිං ටිං ට වඩා තරමක් වයසින් වැඩිය. ඇයද පූර්ණ කාලීනව ජ.වි.පෙ. වැඩ කළ කාන්තාවක් වූවාය. ඇයගේ මුල් ගම පැවතියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේය.

ටිං ටිං හිරගෙදර සිටින විට අවශ්‍ය හැම විටම ඔහු බලන්නට ගියේ මේ සුජාතා අක්කාය. ඔහු වෙනුවෙන් වූ නඩු පිළිබඳ වැඩ ද සොයා බලා සිදු කළේ ඇයය. ටිං ටිං ගේ දුක තමන්ගේ දෙයක් කරගෙන, ඒ දුක නිවන්නට කැපවීම ඇයගේ සතුට විය. එහෙත් ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් වූ පසු මේ ටිං ටිං ට “සුජාතා” ඇණයක් බවට පත් විය. ඒ අන් කිසිවක් නිසා නොව, ප්‍රධාන ලේකම් තණතුරට අමතරව ටිං ටිං විශේෂිතවම වගකියූ සමාජවාදී කාන්තා සංගමය කලක් යන විට ටිං ටිං ගේ අන්තප්පුරය බවට පත්ව තිබූ නිසාය. සුජාතා විවිද අයුරින් මේවා ගැන හොයන්නට බලන්නට වූ නිසාය. එය ටිං ටිං ට ඇණයක් වූ නිසාය. සමාජවාදී කාන්තා සංගමයේ ඇතැම් සහෝදරියන් (එක් අයකු දෙන්නකු නොවේ) ටිං ටිං විසින් තම අවශ්‍යතා සඳහා පාවිච්චි කරන බව කනින් කොනින් සුජාතාට ද ආරංචි වී තිබූ නිසාය.

ජනප්‍රිය පුවත්  රෙජීම් සහ සිස්ටම් චේන්ජ් කරන ඇමරිකාවේ අදිසි හස්තය, 'ජූලී චන්ග්'

මේ නිසා මේ ගෙදර විටින් විට රණ්ඩු සරුවල් ඇති විය. ටිං ටිං සමග උරණ වූ සුජාතා ඇතැම් අවස්ථාවල තම ඥාතීන් සිටින ගමට ගොස් කල් ගෙව්වාය. ගමේ සිටින තම සමීප ඥාතීන්ට ඇගේ දුක වැමෑරුවාය. එමගින් ඇය ඇගේ සිත සනසාගනු ලැබුවාය.

මේ ගැන ටිං ටිං ට තිබුණේ බලවත් කෝපයකි. ටිං ටිං තීරණයක් ගත්තේය. ඒ තීරණය කුමක් විය හැකිද ?
මතු සම්බන්ධයි.

– උපරිම වමා –

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x