June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කාලිංඝ මාඝ පාලනයට එරෙහිව මහා සංඝ රත්නය එකතු වෙනවා…! – දඹර අමිල හිමි…

1 min read

ජනාධිපතිවරයා කළ යුත්තේ අටපිරිකර උස්සගෙන මල්වතු-අස්ගිරි නාහිමිවරුන් බැහැදැක රූපවාහිනිය ඔස්සේ තමන් බෞද්ධ යැයි ජනතාවට රැවටීම නොව සිය මැති ඇමතිවරුන්ට රටේ ඉතිහාසය කියාදී ශික්ෂණයක් ඇති කිරීම බව ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයනාංශයේ මහාචාර්ය දඹර අමිල හිමි පවසයි.

ඇමති ලාල් කාන්ත දේශපාලනය කතා කරනවා නම් සිවුර අදාළ නැතැයි කීවා සේ තමන්ටද මැති ඇමතිකම් අදාළ නැතැයිද ඉතිහාසයේ රජවරුන් පවා කනෙන් අල්ලා එළියට දැමීමට සංඝයා වහන්සේලා කටයුතු කර ඇතැයිද එහිමියන් අවධාරණය කරයි.

ජාතියට සංස්කෘතියට එරෙහි කාලිංග මාඝ පන්නයේ පාලනයට එරෙහිව නිකාය භේදයකින් තොරව මහා සංඝ රත්නය ඉදිරියේදී එකතු වන බව ද දඹර අමිල හිමි ප්‍රකාශ කරයි.

මිහින්තලේ රාජමහා විහාරයේ පැවැති උත්සව අවස්ථාවක් අමතමින් එහිමියන් මේ බව කීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x