“ඒ කාලේ මේ වගේම කුහක විපක්ෂයක් හිටියා නේද සහෝදරයා” යැයි ඇසූ පෝස්ටුව රුවන් මාලපගම අනුමත කරයි..- සමාජ මාධ්‍යයෙන් එළියට ආ රස කතාව
1 min read
වත්මන් විපක්ෂයේ දේශපාලන හැසිරීම දැඩි විවේචනයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා ප්‍රකාශ කරන්නේ, මේ වන විට විපක්ෂය රටේ පවතින සෞඛ්‍ය ගැටලු තමන්ගේ දේශපාලන වාසිය සඳහා යොදා ගැනීමට මාන බලමින් සිටින බවයි.
ඔහු පවසන පරිදි, රටේ ඩෙංගු රෝගය මර්දනය කරනවා වෙනුවට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යන තෙක් විපක්ෂය නොඉවසිල්ලෙන් බලා සිටින බවයි. ඩෙංගු මර්දන කටයුතුවලට සහය දෙනවා වෙනුවට, රෝගය ව්‍යාප්ත වීම හරහා රජය අපහසුතාවයට පත් කිරීමට ඔවුන් උත්සාහ කරන බවට ද ඔහු මෙහිදී චෝදනා කරයි.
මේ සම්බන්ධයෙන් දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ දේශපාලන සංවාදයක දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා අතර උණුසුම් සංවාදයක් ඇති විය.
කෙසේ වුවද මෙම වීඩියෝව සමාජ මාධ්‍යයේ සංසරණය වෙද්දී එයට ප්‍රතිචාර දක්වමින් බොහෝ දෙනෙකු සටහන් තබා තිබූ අතර ඉන් එක සටහනක දක්වා තිබුනේ
“සහෝදරයා, ඒ කාලේ මේ වගේම කුහක විපක්ෂයක් හිටිය. කොවිඩ් වැඩි වියන්, වැක්සීන් හොද නෑ, කඩවල් වහන්න නැත්නම් බලෙන් ලොක්ඩවුන් කරනව, ඩොලර් එවන්න එපා, ලයිට් බිල් ගෙවන්න එපා කියල වගේ. උන් තාම විපක්ෂයේ සහෝදරයා” යනුවෙනි.
එයට ප්‍රතිචාර දක්වමින් රුවන් මාපලගම මන්ත්‍රීවරයා එම කතාව අනුමත කරන අයුරු දැක්වෙන රූප සටහනක් දක්වා තිබේ.

