හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අන්ජාන් උම්මාගේ සැමියා අතුරුදහන්!
1 min read
කල්එළියාව ප්‍රදේශයේ පදිංචි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අන්ජාන් උම්මාගේ සැමියා වන දුවාන් ෆාරූක් මහතා අතුරුදහන් වී ඇති බවට තොරතුරු වාර්තා වේ.
ලැබී ඇති තොරතුරු අනුව, ඔහු 2026 මාර්තු 05 වන දින කොළඹට පැමිණීමේ බලාපොරොත්තුවෙන් ත්‍රිකුණාමලය – අණ්ඩාකුලම් බස් නැවතුම්පොළට පැමිණ ඇත. එහෙත් එතැන් සිට ඔහුගේ ගමන් මඟ පිළිබඳව පැහැදිලි තොරතුරක් නොමැති අතර, අද වන තෙක් ඔහු නිවසට පැමිණ නොමැති බව පවුලේ අය සඳහන් කරති.

මේ අතර ප්‍රදේශවාසියෙකු ලබාදුන් තොරතුරක් අනුව, මාර්තු 07 වන දින ඔහු කන්තලේ කුලත්තුව ප්‍රදේශයට ආසන්නව පිහිටි යුධ හමුදා කඳවුරක් අසලදී අවසන් වරට දැක ඇති බවද කියැවේ.
අන්ජාන් උම්මා ශ්‍රී ලංකාවේ මුස්ලිම් දේශපාලන වේදිකාවේ ප්‍රසිද්ධ නාමයක් වන අතර, ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස සේවය කළ අතර මුස්ලිම් ප්‍රජාවේ දේශපාලන නියෝජනය සහ ප්‍රජා කටයුතු සම්බන්ධයෙන් සක්‍රීයව කටයුතු කළ පුද්ගලයෙකු ලෙසද හඳුන්වනු ලබයි.

දුවාන් ෆාරූක් මහතාගේ ලිපිනය ලෙස
අංක 255, හන්සගිරිය, කල්එළිය යන ලිපිනය සඳහන් වේ.
මෙම පුද්ගලයා සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් ඇත්නම් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.
📞 077 872 3588
📞 075 965 1885
📞 076 936 1643
පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!
