මෘදුකාංග මත සියයට 18% ක බද්ධක්!
1 min read
මෘදුකාංග සේවාවන් මත 18%ක එකතු කළ අගය මත බද්ද (VAT) එළඹෙන 08 වැනි බදාදා සිට ක්‍රියාත්මක වන පරිදි, පැනවීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය දැඩි විවේචනයට ලක්ව තිබේ. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ මෙම පියවර හරහා වත්මන් පාලනය මෙරට තරුණ ප්‍රජාව දැඩි අපහසුතාවයට පත් කර ඇති බවයි.
පසුගිය මැතිවරණ සමයේදී මෘදුකාංග ක්ෂේත්‍රය සඳහා බදු සහනයක් ලබා දෙන බවටත්, වැට් බද්ද ශුන්‍ය කරන බවටත් ජනාධිපතිවරයා පොරොන්දු වුවද, වත්මන් ක්‍රියාවලිය එම පොරොන්දුවලට හාත්පසින්ම විරුද්ධ යැයි මන්ත්‍රීවරයා අවධාරණය කරයි.
මාලිමා ආණ්ඩුව බලයට පත්වීමට පෙර ලබා දුන් ප්‍රතිඥා උල්ලංඝනය කරමින් මෙලෙස බදු පැනවීම තරුණ පරපුරට කරන ලද අසාධාරණයක් ලෙස හර්ෂ ද සිල්වා මහතා හඳුන්වා දෙයි.
මෙම බදු බර හේතුවෙන් ශීඝ්‍රයෙන් වර්ධනය වන මෘදුකාංග සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ ඉදිරි ගමන අඩාල වන බවත්, එය සමස්ත කර්මාන්තයේම පසුබෑමට හේතු වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම තීරණය මගින් ආණ්ඩුව සිය මැතිවරණ ප්‍රකාශනය හරහා ජනතාව හමුවේ තැබූ විශ්වාසය බිඳ දමා ඇති බව මන්ත්‍රීවරයාගේ අදහසයි.
තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න
