June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මාලිමා මන්ත්‍රිනියගේ සැමියාට පහරදුන් කතක් ඇතුළු තුනක් අත්අඩංගුවට!

1 min read

පුත්තලම කල්අඩිය ප්‍රදේශයේදී පුත්තලම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරියකගේ සැමියාට අමානුෂීක ලෙස පහර දුන් බව කියන කාන්තාවන් දෙදෙනකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පුත්තලම මූලස්ථාන පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ අනියම් සැමියා බව කියන 46 හැවිරිදි අයකු හා එම පහර දීමට සම්බන්ධ තවත් කාන්තාවක්.

මෙලෙස පහර දුන් පිරිස මාර්ගයට කඩා වැදි ඒ මතින් බොරළු ලොරි ප්‍රවාහනය කිරීමට විරෝධය දක්වා තිබු අතර එහිදි දෙපාර්ශවය අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුව තිබුණා. ඒ සමග පහර කෑමට ලක්වු මන්ත්‍රිවරියගේ සැමියා මෙම සිද්ධියේ ප්‍රධාන සැකකාරියට අසභ්‍ය වචනයකින් ඇමතිමක් කර ඇති අතර, එයට කුපිත වු කාන්තාව ඔහුට පහරදෙද්දි අනෙක් අයද ඊට එක්ව තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (25) පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x