June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බෙහෙත් මිල 25%කින් ඉහළ දමන ලෙස, ඖෂධ සමාගම් ආණ්ඩුවෙන් ඉල්ලයි…!

1 min read

ආනයනය කරන සහ දේශීයව නිෂ්පාදනය කරනු ලබන ​ඖෂධ මිල ගණන් අවම ලෙස 25% වත් ඉහළ දමන ලෙස ඖෂධ සමාගම් රජයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මේ වන විට විදුලි ගාස්තු ඉහළ යාම රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යාම, නෞකාවල රක්ෂණ ගාස්තු ඖෂධ මිල හා ඖෂධ නිෂ්පාදන මූලද්‍රව්‍යවල මිල ඉහළ යාම ඇතුළු සියලු වියදම් සැලකිල්ලට ගෙන ඖෂධ මිල ඉහළ දැමීමට සිදුව ඇති බව ද එම සමාගම් පෙන්වා දී ඇති බව සඳහන්.

ඖෂධ නිෂ්පාදනයට ගන්නා අමුද්‍රව්‍ය මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් තිබීම හේතුවෙන් දේශීයව නිපදවන ඖෂධ මිල ගණන් අනිවාර්යයෙන්ම ඉහළ දැමිය යුතුව ඇතැයි දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති නලින් කන්නංගර මහතා පවසා ඇති බව වාර්තා වේ.

එමෙන්ම දැනට රජය විසින් මිල පාලනයකට යටත් කොට ඇති ඖෂධ 60 හි මිල පාලනය ඉවත් කොට අඩුම තරමින් ඒවායෙහි මිල 7% කින් වත් ඉහළ දැමීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත වාණිජ්‍ය කර්මාන්තකරුවන්ගේ (SCCPI) සභාපති ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කර ඇති බව සඳහන් වේ.

ජනප්‍රිය පුවත්  ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අමෙරිකානු ඩොලර් 100 ඉක්මවයි!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x