පාන්දර එක හමාරට පෙට්‍රෝලියම් වහයි!
1 min read
අද (21) පාන්දර 1.30ට කනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා විසින්, එම ආයතනයේ සේවකයන් සියලු දෙනාම නිවෙස් කරා පිටත්කර එම ආයතනය වසා දමා තිබේ.
මේ වන විට එම ආයතනයේ කිසිදු සේවකයෙකු රාජකාරියේ නිරතව නොමැත. එමෙන්ම, තෙල් බෙදා හැරීම ද සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ.
මේ අතර I.O.C ඇතුළු පෞද්ගලික සමාගම් ඊයේ තෙල් මිල වැඩි කිරීමක් සඳහා ඉල්ලීම ඉදිරිපත් කර තිබේ. එම සමාගම් පවසා ඇත්තේ තමන් සතු තෙල් වැඩිමිලට ලබා ගත් තෙල් බැවින් මිල වැඩි කිරීමක් සිදුකළ යුතු බවය. ඒ පිළිබඳව ද කිසිදු එකඟතාවයක් අද වනතුරුත් ඇති වී නැත.
හදිසියේම කනිජ තෙල් නීතිගත සංස්ථාව වසා දමන ලද්දේ කුමන හේතුව මත දැයි අප කළ විමසීමක දී එහි ප්‍රධානියකු පවසා සිටියේ උවමනාවෙන්ම ඛනිජ තෙල් හිඟයක් ඇති කර, මිල ඉහළ දමා නැවත තෙල් බෙදා හැරීම මෙහි උවමනාව විය හැකි බවය.
ඊයේ (20) ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතා එවැනි පියවරක් සාධාරණීකරණය කරන පැහැදිලි කිරීමක් ද සිදු කර ඇත.
අවිශ්ක ප්‍රනාන්දු
තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න
