June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නිපුණආරච්චිට සහ ගලප්පතිට ජනාධිපති අරමුදලෙන් සල්ලි! දයාසිරිට තොරතුරු නැත්තේ ඒ නිසා!

1 min read

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චිගේ සහ නිහාල් ගලප්පත්තිගේ බිරිඳගේ රෝහල් බිල් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමයේ ජනාධිපති අරමුදලින් ගෙවා ඇතැයි ජ්‍යේෂ්ඨ මාධ්‍ය වේදී උවිඳු කුරුකුලසූරිය පවසයි.

“දයාසිරි අදින කේස් එක නියෙමට යනව. දයාට ලක්ෂ දහයක ඉස්පිරිතාල බිලක් සිරිසේන ජනාධිපති ගෙව්වා කියල නලින්ද පාර්ලිමේන්තුවෙදි කිව්වනෙ. ඉතිං දයා ඉල්ලුව ජනාධිපති අරමුදලෙන් 2005 සිට 2010 දක්වා දේශපාලනඥයින්ට ගෙවල තියෙන මුදල් විස්තර.

ජනාධිපති කාර්යයාලයෙන් ඒව දෙන්න බැහැ කිව්ව. දයා RTI කොමිසමට ඇපීල් කළා. එතනදි ජනාධිපති ලේකම් කාර්යයාලෙන් ආව ලේකම් කිව්වා ඒව නැහැ කියල. දයාසිරි කිව්ව හා, ඒ වුණාට මුදල් පොත නැති වෙන්න බැහැනෙ ඒක තමන්ට බලන්න ඕන කියල.

කොමිසම කිව්ව මුදල් පොත දයාට පෙන්නන්න කියල. තාම කොර වෙනව. හේතුව මොකද දන්නවාද? නිපුණාරච්චිටයි, ගලප්පතිගේ වයිෆ්ටයි මහින්ද රාජපක්ෂ රෝහල් බිල් ගෙවල ජනාධිපති අරමුදලින්! ඇපීල් එක ආයෙ 12දට අහනවා!”

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x