ඩොලරයේ විකුණුම් අගය රු. 331 සීමාව ඉක්මවයි
1 min read
එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අනුපාතිකය අද (15 වැනිදා) රුපියල් තුන්සිය තිස් එකක් (331.1572) දක්වා ඉහළ ගොස් තිබිණි.
එමෙන්ම එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය ද රුපියල් තුන්සිය විසි තුනක් 323 (323.5345)ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
මෙම මස ආරම්භයේදී එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අනුපාතිකය රුපියල් 323ක් වූ අතර ගැනුම් අනුපාතිකය රුපියල් 315ක් විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් ඉකුත් 2024 වසරේ සැප්තැම්බර් මස 23 වැනිදා ඇමරිකා එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අනුපාතිකය පැවැතියේ රුපියල් 309.2836ක අගයක වන අතර ගැනුම් අනුපාතිකය වූයේ රුපියල් 300.1800කි.
