ටිං ටිං ගේ කතා වස්තුව – අවසන් කොටස
1 min read
ටිං ටිං කොහොමටත් පෞර්ෂත්වයෙන් හීන පුද්ගලයෙක් ය. ඔහුට ඔහු “අදහන” වාම දේශපාලනයේ කාල් මාක්ස් වැන්නන්ට අලගු තැබීමටවත් තරම් දාර්ශනික කියවීමක් ඇත්තේ නැත. වී.අයි. ලෙනින්ට තරම්වත් ප්‍රායෝගික න්‍යායික භාවිතයේ අංශු මාත්‍රයක්වත් ඇත්තේ නැත. රෝහණ විජේවීරට හෝ පසුව ජ.වි.පෙ. අතහැර ගිය ලයනල් බෝපගේට තරම් වත් බුද්ධිමය ධාරිතාවක් ටිං ටිං ට ඇත්තේ නැත. ටිං ටිං දන්නේ ලෙනින්ගේ වෙළුම් වල ඇති දේ කට පාඩමින් පුනරුච්ඡාරණය කරන්නටය. එසේ නොමැතිව, එම සම්භාව්‍ය මාක්ස් – ලෙනින්වාදී දැනුම මත පිහිටා ලොව මුහුණ දී සිටින නව තත්වයන්ට අනුව නව දැනුම නිපදවීමට මෙලෝ හැකියාවක් මේ ටිං ටිං ට ඇත්තේම නැත.
රෝහණ විජේවීර මීට වඩා වෙනස් ය. ඔහු, තමන් පිළිගත් දැනුම මත පිහිටා තමන් මුහුණ දෙන යථාර්ථය විග්‍රහ කරගන්නට සමත් වූවෙක් ය. එවැන්නන්ට අප කියන්නේ බුද්ධිමතුන් කියාය. තමන් උගත් දැනුම මත පිහිටා තමන් මුහුණ දෙන යථාර්ථය කියවා ගන්නට සෑම උගතකුටම හැකියාවක් නැත. උගතුන් පල් මෝඩයන් වන්නේ එතැන දී ය. ටිං ටිං උගතකුද නොවේ. එමෙන්ම, දන්නා දෙය මත පවත්නා යථාර්ථය තමන් දන්නා දර්ශනය මත කියවා ගනිමින් නව දැනුම උපදවන්නට සමත් හැකියාවක්ද ටිං ටිං ට ඇත්තේ නැත.
ටිං ටිං ට ඇත්තේ සිය කාමභෝගී ආශාවන් සන්තර්පණය කර ගනිමින්, විප්ලවවාදී සාහිත්‍යය දෙසා වදාරමින් ආතල් එකේ ජීවත්වීමට ඇති උවමනාව පමණි. මේ වූ කලි ලොව බොහෝ සමාජවාදී ව්‍යාපාරයන්ට අත් වූ ඉරණමේ දේශීය ප්‍රකාශණයකි.
වම බලයට එන්නේ, එතෙක් තිබූ ප්‍රභූ ධනපති බලය බිඳින්නට ය. මහජනයා ආකර්ෂණය වී එම වමට විප්ලවයකින් හෝ ඡන්ද වලින් හෝ බලය දෙන්නේ ඒ සඳහා ය. එහෙත් අන්තිමට සිදුවන්නේ නිර්-ප්‍රභූන් නව ප්‍රභූන් බවට පත් වීමය. එමෙන්ම පැරණි ප්‍රභූන් සමග සිටි ව්‍යාපාරික ගජ මිතුරන් මේ නව නිර්-ප්‍රභූන්ගේ පට්ට මිතුරන් බවට පත්වීමය.
පැරණි ප්‍රභූ-දේශපාලන තන්ත්‍රයට ඇති විරෝධය විසින් ගොඩ නංවනු ලබනුයේ නව නිර්-ප්‍රභූ පිරිසක් ප්‍රභූ පන්තියට කැඳවාය. ඒ නව ප්‍රභූ පන්තිය සමඟ පැරණි ප්‍රභූ සමාජය වූ ව්‍යාපාරික පැලන්තියද එක්වන්නේ ය. ධම්මික පෙරේරලා, ඉෂාර නානායක්කාරලා ආදී සියල්ලන්ගෙන්ම කියැවෙන්නේ එය මිස අන් යමක් නොවන්නේ ය.
ටිං ටිං ට එතරම් ගැඹුරු කියැවීමක් ඇත්තේ නැත. ඇත්තටම ඔහු මනසින් ඉතා පුංචි මිනිසෙක්ය. ඔහුට පැළඳගන්නට වූයේ ඔහුට ඔරොත්තු දෙන ඇඳුමක් නොවේ. සෝමවංශ ඔහුට එම ඇඳුම ඇන්ද වූයේය. එය හරියට දොරටු පාලකයා රජා බවට පත්වුවාක් වැනිය. ජ.වි.පෙ. පරිහානියේ පළමු වගඋත්තරකාරයා බවට පත්වන්නේ ටිං ටිං නොව සෝමවංශය. සෝමවංශ මෙවැන්නෙක් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් නොකළේනම් අද ජ.වි.පෙ මේ ඉරණමට ඇද වැටෙන්නේ නැත.
සෝමවංශ මෙවැනි ස්ත්‍රී ලෝලියකුට ජ.වි.පෙ. ප්‍රධාන ලේකම්කම දුන්නේ ඒ වන විට සිටි නන්දන ගුණතිලකව ද ඉවත් කරලාය. නන්දන පසුව යූ.ඇන්.පී යෙන් පානදුර නගරාධිපති වූ බව සැබෑය. එහෙත් ඔහු හොරෙක් වූයේ නැත. මිය යන විට ඔහු සන්තකයේ ශත පහක්වත් තිබුණේ නැත. එයින් කියැවෙන්නේ නන්දන යූ.ඇන්.පී කාරයකු වූවාට ජීවත් වූයේ ජේ.වී.පී. කාරයකු ලෙසය.
ටිං ටිං ජේ.වී.පී. යේ ප්‍රධාන ලේකම්ව සිටියත් ජීවත් වූයේ යූ.ඇන්.පී කාරයකු ලෙසය. ඒ බව ටිං ටිං එලියට පෙන්වුයේ නැත. ඒ නිසා වූයේ ඇත්ත ජේ.වී.පී. විසි වී පට්ට යූ.ඇන්.පී කාරයන් ජ.වි.පෙ. පොරවල් බවට පත් වීමය.
ටිං ටිං මේ දිනවල තියාගෙන ඉන්නේ තමන්ගේ භාෂා පරිවර්තිකාවය. ඇයගේ නම නීතිඥ කල්පනා මධුභාෂිණි ය. ඔහු ඇයව ඉන්දියාවේ සංචාරයට ද රැගෙන ගියාය. කල්පනා ටිං ටිං කියන දේ අකුරටම පිළිපදින්නේය. ඇය ජ.වි.පෙ. ජාත්‍යන්තර කමිටුවේ සාමාජිකාවක් කළේ ටිං ටිං මය.
ටිං ටිං ට දැන් සමාජවාදී කාන්තා සංගමය උවමනා නැත. ආණ්ඩුවේ ආධ්‍යාත්මික නායකයා ලෙස මෝඩ සතුරන් හඳුන්වන ටිං ටිං ව ඒ නිසාම හමුවන්න එන ගැහැණු බහුලය. තමා හමුවන්නට එන ගැහැණිය තමාට ආකර්ෂණය වන්නේනම් ටිං ටිං තම බලය යොදවා ආණ්ඩුවේ ප්‍රධානින් තම කාර්යාලට ගෙන්වා ඒ ගැහැණියගේ ප්‍රශ්ණය ඇය ඉදිරිපිටදීම විසදන්නේය. එමගින් ටිං ටිං තම කාමභෝගී ජීවන විලාසය පවත්වාගෙන යනු ලබන්නේය.
ටිං ටිං ට උවමනා සැප ය. ඔහුට බරපතල දාර්ශනික කියවීමක් හෝ දේශය පිළිබඳ ගැඹුරු හැඟීමක් ඇත්තේ නැත. ඔහුට කරන්නට හැකි වෙන රැකියාවක්ද නැත. ඔහු ඇත්තටම පුස් මිනිසෙක් ය. ඒ පුස් මිනිසාට මේ ලැබී ඇති පුටුව මහමෙර තරම්ය. එය රැක ගැනීම ප්‍රතිපත්ති රැකගැනීමට වඩා ඔහුට උතුම්ය. පුංචි මිනිසුන්ගේ ලෝකය එබඳු ය.
