June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජනාධිපතිවරයාගේ දේශිය ගමන් සඳහා ගිය වියදම් ලබාදීම ”බෑ” කියයි !

1 min read

ජනාධිපති අනුර දිසානායක පසුගිය මාස 12 තුළ දේශිය සංචාර සහ නවාතැන් සඳහා කෙතරම් මුදලක් වියදම් කර ඇත්දැයි තමාට දැනුම් දෙන ලෙස තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මෙරට යූටියුබ් කරුවෙකු විසින් කරන ලද ඉල්ලීම ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

2025 අගෝස්තු 27 දිනැති ලිපියකින් ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරියා මෙම යූටියුබ්කරුවාට දන්වා ඇත්තේ මෙම තොරතුරු ජනාධිපතිවරයාගේආරක්ෂක සංවේදී කරුණුවලට ඍජුවම සම්බන්ධ වී ඇති බැවින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ 5(1)(b)(i) වගන්තිය යටතේ ප්‍රතික්ෂේප කර ඇති බවයි.

අභියාචකයා ප්‍රකාශ කළේ තම ඉල්ලීම ආරක්ෂක සංවේදී තොරතුරු සම්බන්ධව ඍජු සම්බන්ධයක් නොමැති බවත් තමා විමසා සිටියේ දේශිය සංචාර සහ නවාතැන් සඳහා වැය කළ මුළු පිරිවැය, එකතු කළ මුදල්, සංචාර / ස්ථාන වැනි මුල්‍ය වියදම් වැනි විෂයන් බවත් එවැනි විෂයන් හෙළි කිරීම (RTI) පනතට පාදක වන විනිවිදභාවයේ මූලධාර්මයට අනුව බැවින් එය ආරක්ෂාවට හානියක් නොවන බවයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x