June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති පුරප්පාඩුව පුරවයි

1 min read

කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස යසස් හේවගේ මහතා ඊයේ ( 01) සිය ධුරයේ වැඩ භාර ගත්තේය.

ඒ කාර්මික සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපතිවරයාගේ ඉල්ලා අස්වීම සමඟිනි.

හිටපු සභාපති රවී නිශ්ශංක මහතා සිය ඉල්ලා අස්වීම භාරදී තිබුනේ පෞද්ගලික හේතූන් මත සේවයෙන් ඉල්ලා අස්වීමක් ලෙසිනි.

නව සභාපතිවරයා වශයෙන් පත්වූ යසස් හේවගේ මහතා බැංකු හා මූල්‍ය, ව්‍යාපාරික උපාය මාර්ග, අලෙවිකරණ හා විකුණුම්, ව්‍යවසායකත්ව සංවර්ධනය සහ ක්‍රීඩා සංචාරක ක්ෂේත්‍රයන්හි දශක දෙකකට ආසන්න අත්දැකීම් සහිත වෘත්තිකයෙකි.

මෙම පත්වීමට පෙර ඔහු කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස සේවය කර තිබේ.

SME Nexus ජාතික SME උපායමාර්ගික රාමුව සංවර්ධනය කිරීමේ කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙසද දායක වී ඇත.

එසේම, යෝජිත ව්‍යවසායකත්ව හා කර්මාන්ත පරිවර්තන අධිකාරිය (EITA) පිහිටුවීම සඳහා සහාය වන ආයතනික පරිවර්තන නායකත්ව කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කරයි.

ඔහුගේ බැංකු වෘත්තීය ජීවිතය තුළ HSBC සහ NDB Bank යන ආයතනවල සිල්ලර බැංකුකරණය, SME ව්‍යාපාර සංවර්ධනය සහ උපායමාර්ගික කළමනාකරණ ක්ෂේත්‍රයන්හි ප්‍රමුඛ තනතුරු රැසක් හොබවා ඇත.

ජනප්‍රිය පුවත්  චමින්ද කුලරත්තගේ වැඩතහනම පාරාවළල්ලක් වෙයි! ගොඩින් බේරගන්නැයි උපදෙස්!

විශේෂයෙන් NDB බැංකුව සංවර්ධන බැංකුවක සිට ප්‍රමුඛ වාණිජ බැංකුවක් දක්වා පරිවර්තනය වූ කාලසීමාවේදී ඔහු වැදගත් දායකත්වයක් ලබා දී තිබේ.

ව්‍යවසායකත්ව සංවර්ධනය සහ විධායක පුහුණුකරණය (Executive Coaching) සම්බන්ධයෙන් ද හේවගේ මහතා පුළුල් පිළිගැනීමක් දිනාගෙන ඇති අතර, දහස් සංඛ්‍යාත වෘත්තිකයන් සහ ව්‍යවසායකයින්ගේ හැකියාවන් වර්ධනය කිරීමට දායක වී ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x