June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කරන්නාගොඩ දඩයමට සියල්ල සූදානම්!

1 min read

පසුගිය සමයේ තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවේ විත්තිකරුවෙකු වශයෙන් නම් කර සිටින හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා එම නඩුවෙන් ඉවත් කිරීමට නිතිපතිවරයා ගෙන තිබූ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා අතුරුදහන් වූ තරුණයින්ගේ දෙමව්පියන් විසින් ඉදිරිපත් කරන ලද අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) දින අවසර දුන්නේය.

දීර්ඝ කරුණු සළකා බැලීමකින් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත. ඒ අනුව මෙම අභියාචනා පෙත්සම 2026 ජනවාරි මස 30 වන දා විභාගයට ගැනීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දින නියම කරනු ලැබුවේය.

මේ වන විට හිටපු නාවික හමුදාපතිවරයකු වූ නිශාන්ත උළුගේතැන්න මහතා ද සිටිනුයේ රිමාන්ඩ් බන්ධනාගාර ගතවය. යුද්ධය පැවැති සමයේ කොටි සංවිධානයේ අවි – ආයුධ රැගත් පාවෙන අවි ගබඩා විනාශ කිරීමට කටයුතු කළ නාවික හමුදා නිලධාරීන් ඉලක්ක කර සැළසුම් සහගත දඩයමක් දියත් කෙරෙන බව ආරක්ෂක හමුදා ප්‍රධානීන් අතර සාකච්ඡා වෙමින් තිබේ. මෙය කොටි ඩයස්පෝරාවේ උවමනාවට අනුව සිදුවන දඩයමක් බව බොහෝ දෙනෙකුගේ මතය වී තිබේ.

ජනප්‍රිය පුවත්  රනිල්ව රිමාන්ඩ් කළ නිලුපුලීටත් ''හයිකෝට්" වරම්! ජ්‍යෙෂ්ඨයන් කැපේ! විනිසුරන් තැතිගනී!

ජීවන් කස්තුරි underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x