June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඊශ්‍රායල් – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්වයට කන කොකා හඬයි… තානාපතිට මල පනී!

1 min read

ඊශ්‍රායල් – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පිහිටුවීමට ආණ්ඩුව තීරණය කර ඇත. ඒ අනුව එයට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී (ස.ජ.බ) සූජිව සේනසිංහ මහතාව ද සහභාගී කරවාගෙන, ඔහුව එහි සභාපතිවරයා බවට පත් කිරීමට ආණ්ඩුව උත්සාහ දරා තිබේ.

මුලදී එයට එකඟ වූ සූජිව සේනසිංහ පසුව කාරණය අවබෝධ කර ගැනීමෙන් අනතුරුව එම ක්‍රියාදාමයෙන් ඉවත්ව තිබේ. ඔහු එසේ ඉවත් වීමත් සමඟ බරපතළ අර්බුදයකට ලක් වූ ආණ්ඩුව, දිගින් දිගටම උත්සාහ දරා ඇත්තේ සූජිව සේනසිංහව එයට සහභාගී කරවා ගැනීමට ය.

මීට පෙර ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසය තුළ ඊශ්‍රායල් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයක් පිහිටුවා නැත. එය මෙවර පිහිටුවීමට පියවර ගෙන ඇත්තේ ප්‍රථම වතාවට ය. මෙතෙක් එය පිහිටුවනු ලැබ නැත්තේ, ශ්‍රී ලංකාව කවර ආණ්ඩුවක් යටතේ වුව පලස්තීනයට හිතවත් ස්ථාවරයක් දැරීම හේතුකොට ගෙන ය.

මෙම මිත්‍රත්ව සංගමය පිහිටුවීමේ අවස්ථාවට සහභාගී වීමට, ඉන්දියාවේ සිට ඊශ්‍රායල් තානාපතිවරයා ඊයේ (11) ශ්‍රී ලංකාවට පැමිණ තිබුණි. අද (12) ඔහු පාර්ලිමේන්තුවේදී මෙම මිත්‍රත්ව සංගමය පිහිටුවීමේ අවස්ථාවට සහභාගීවීමට නියමිතව තිබුණි. නමුත් සූජිව සේනසිංහ මන්ත්‍රීවරයා මෙම කටයුත්තට සහභාගීවීමෙන් වැළකීමට ගන්නා ලද තීරණයත් සමග ආණ්ඩුව, ඉන්දියාවේ සිට පැමිණි ඊශ්‍රායල් තානාපතිවරයා වෙත කණගාටුව ඵල කර, එය පසුව පිහිටුවීමට කටයුතු කරන බව දනවමින්, අදාළ මිත්‍රත්ව සංගමය පිහිටුවීම කල් දමා තිබේ. තමන්ව රස්තියාදු කිරීම පිළිබඳව උරණ වූ තානාපතිවරයා අද (12) පස්වරුවේ නැවත ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව ඇත.

ජනප්‍රිය පුවත්  බාල ගල් අඟුරු මගඩියේ දිනක පාඩුව මිලියන 75යි… ආණ්ඩුව ජනතාව නෙමෙයි ඉන්දියානු සමාගම් රකිනවා…!

දර්ශන මනම්පේරී underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x