April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අර්බුදය කළමනාකරණය කර ගැනීමේ හැකියාව ආණ්ඩුවෙන් ගිලිහෙනවා!

1 min read

මැදපෙරදිග අර්බුදය හමුවේ රට හමුවේ ඇති ගැටලු කළමනාකරණය කරගැනීමේ අවස්ථාව ආණ්ඩුව අතින් ගිලිහී යමින් ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා පවසයි.

“මාර්තු 01 වෙනිදා තෙල් මිල වැඩි කරනවා. ආයේ මාර්තු 09 හදිසි වැඩි කිරීමක් කරනවා.

ඊට පස්සේ කෝටා සිස්ටම් එක එනවා ඊට දින පහකට පස්සේ. මේ පොඩි උදාහරණයෙන් කියවෙන්නේ නැද්ද ආණ්ඩුවේ කළමනාකරණ ගැටලුව.

අනපේක්ෂිත ඉල්ලුමක් එද්දි ඒකට මුහුණ දීමත් කළමනාකරණය.

අනපේක්ෂිත ඉල්ලුමක් ඇති වෙන්න මූලික හේතුවක් රජයේ නියෝජිතයන් ලබාදෙන තොරතුරු පිළිබඳ ජනතාවට ඇති අවිශ්වාසය.

අපි මිල ඉහළ දාලා ඉල්ලුම කළමනාකරණයට උත්සාහ කරනවා. ඊට පස්සේ බෙදාහැරීම පාලනයට යනවා. එතනදී ආණ්ඩුවේ න්‍යාය පිළිබඳ අර්බුදයක් තියෙනවා.

අපි පෙරනිමිති විශ්ලේෂණයක් කරගන්න ඕන මේ වගේ තත්ත්යකට මුහුණ දෙන්න. එතනදි අපි කරන්නේ හදිසි කම්පනවලට මුහුණ දෙන්න සූදානම් වීම.

අපට විදෙස් ප්‍රේෂණ ඩොලර් බිලියන අටෙන් 50%ක් එන්නේ මැදපෙරදිගින්. ඊට පස්සේ සංචාරක ලැබීම්, අපනයන ආදායම්.

යුද්ධයේ බලපෑම් නිසා ප්‍රේෂණ බිලියන 2.4ක් විතර අඩුවෙන්න පුළුවන්.

ඊට පස්සේ බාල ගල් අඟුරු නිසා නොරෙච්චෝලේ විදුලි නිෂ්පාදනය පහත වැටිලා. ඒකට අමතර ඩීසල් වියදමක් යනවා. ඒක නරක තත්ත්වයක්.

ජනප්‍රිය පුවත්  ලයිට් නිවලද බලන්න පොලිසියෙන් එයි!

ඒක විදුලි බිලට බලපානවා. මේක ගල් අඟුරු ටෙන්ඩරයේ අර්බුදයක්. ඉරාකය කුවේටය ආක්‍රමණය කළ වෙලාවේ අවුරුද්දක් රටට ඒක බලපෑවා.

හැබැයි 76 වසරක කාලේ කුවේටයේ වැඩ කළ සේවකයන්ට වන්දි ලබා ගන්න පවා ප්‍රේමදාස ජනාධිපතිවරයාට හැකියාව ලැබෙනවා.

අපට අවශ්‍ය එහෙම කළමනාකරණයක් මිස බැලන්ස් කිරීමක් නෙමෙයි.

විපක්ෂය පෙරනිමිති විශ්ලේෂණයක් කරලා පාර්ලිමේන්තුවට රටට තොරතුරු ලබාදෙනවා.

මේ අර්බුදය තුළ එහි සංඥාව නිවැරදිව ග්‍රහණය කරගන්න ආණ්ඩුව උද්දච්ච නොවී නිහතමානී විය යුතුයි.

අපි කළ යුතු දෙය නිවැරදි විපක්ෂයක් ලෙස පෙන්වා දෙනවා.

එය කළ යුතු වෙලාවට කළ යුතු මාත්‍රාවෙන් එය නොකළ නිසා අර්බුදය කළමනාකරණය කිරීමෙන් ආණ්ඩුව අයින් වෙමින් යනවා.”

මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මේ බව ප්‍රකාශ කළේ ස්වාධීන රූපවාහිනියේ කරළිය වැඩසටහනට එකතු වෙමිනි.

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x