May 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ආණ්ඩුවේ අඩුව

කළුතර – මතුගම පමණක් තියෙන කුලයක් තියෙනවා.

එහි නම “දෙමල ගස්තර”.

මේ කුලය කුල ශ්‍රේණිගත කිරීම් හි අඩියේ තියෙන කුලයක්.

මේ කුලයේ අය ජීවත් වෙන්නේ කළුතර මතුගම පමණයි.

මම කුල පද්ධතිය විශ්වාස කරනා හෝ ඒ ගැන අඹමල් රේණුවක දැනුමක් ඇති හෝ හැදෑරීමක් කළ අයෙකු නෙවෙයි.

මම දැනට මා ජීවත් වූ ජීවිත කාලය පුරාම කුල පද්ධතිය, ඒ නිසා සිදුවන නොකටයුතුකම් පහත් කරමින් කතා කළ, ඒවා අවඥාවට ලක් කළ පුද්ගලයෙක්.

කුල පද්ධතිය අප කලාපයේ පමණක් ඇති ගෝත්‍රීක බෙදීමක් ලෙස දැකපු පුද්ගලයෙක්.

තාමත් ඒ අදහසේ වෙනසක් නැහැ.

නමුත් මට මගහැරුනු තැනක් තමයි ජීවිත කාලය පුරාම මිනිහෙක් හෝ ගැහැණියක් තමන් අඩු කුලයේ බව දැනගෙන ජීවත් වෙද්දී ඔවුන්ට ගොඩනැගෙන හීනමානය.

මේ හීනමානය නිසාම ඔවුන් ඉතාම සමාජ විරෝධි, විනාශකාරීන් බවට පත් වෙනවා.

ඔබ සමාජයේ ඔය රැඩිකල් කියනා මතධාරීන් අධ්‍යනය කරන්න.

බොහෝ විට ඔවුන් හේතු තුන හතරක් නිසා පීඩාවට ලක් වූ මිනිසුන්.

එකක් කුලය. එහෙම නැත්නම් දරිද්‍රතාවය. එසේ නැත්නම් රූපය.

ඔබ ඔය ෆේස්බුක් එකේ සමාජය, සංස්කෘතිය විනාශ කරන්න උත්සාහ කරන හෝ ඉන් එහා ඒ වෙනුවෙන් කතා කරන මිනිස්සු අධ්‍යනය කරන්න.

ඔවුන් ඉන්නේ අඳුරු කලාපයක.

ඔබ බලන්න ගුරුවරුන්ට සාරිය එපා කියමින් සටන් වදින රැඩිකල් කාන්තාවන්.

ඔබ බලන්න ඉතිහාසය අමු අමුවේ විකෘති කරන යූටියුබ්කරුවන්.

වැඩිය උවමනා නැහැ. එක්තරා රැඩිකල් පුද්ගලයෙකු සිටිනවා. මට මතකයි එක තැනක ඔහු කිව්වා ඔහුට පොඩි කාලයේ කන්න තිබුණේ නැහැ.

ඒ නිසා ඔහුට සල්ලි ආවට පස්සේ ඔහු අසීමිතව කෑවා කියලා.

ඒ තමයි මිනිස්සු ‘ඇරියස්’ කවර් කරන හැටි.

ඔවුන්ගේ මූලික අදහස්, ක්‍රියා, අරගලයම බැඳීලා තියෙන්නේ සමාජ වෛරයක් උඩ.

ඉතා සුලුතර පිරිසක් මේ අඳුරු කලාපයේ ඉපදී සිටියත්, පසුව ජීවිතය ගොඩනගාගෙන ආලෝකයට පැමිණෙනවා.

ඔවුන් සමාජයට වෛර කරන්නේ නැහැ.

නමුත් බහුතරය, ඔවුන් ජීවිතයේ එක් පැත්තකින් සාර්ථක වූවත් අර හීනමානය සහ වෛරය විසින් ඔවුන් මෙහෙයවනවා.

වික්ටර් අයිවන් 1971 කැරැල්ලෙන් ඉවත් වී පසුව ඒ ගැන පොතක් ලිව්වා.

ජනප්‍රිය පුවත්  වමෙන් දකුණට නෙලීම

1971 කැරැල්ලේ කුල පසුබිම ගැන. එහිදී ඔහු 71 කැරැල්ලට සහභාගී වූ ජවිපෙ නායකයන්ගේ කුල පසුබිම සාකච්ඡා කරනවා.

එමෙන්ම කැරැල්ලට වැඩිපුරම පිරිස් සහභාගී වූ ප්‍රදේශ වල කුල සංයුතිය සාකච්ඡා කරනවා.

කැරැල්ලට සහභාගී වූ අති බහුතරය සමාජයේ පීඩිත, ඊනියා ශ්‍රේණිගත කිරීම් හි පහත් යැයි සම්මත කුල.

වික්ටර් අයිවන් තර්ක කරන්නේ 1971 කැරැල්ල එවැනි පීඩිතයන්ගේ හීනමාන සංතෘප්ත කර ගැනීමේ අරගලයක් මිසෙක, ජාතික අරමුණක් වෙනුවෙන් කළ පුළුල් අරගලයක් නොවන බව.

දමිල සමාජයේ ගොඩනැගුනු කොටි සංවිධානයෙත් පසුබිම, කුලය.

නැවත මාතෘකාවට ආවොත් දෙමල ගස්තර කුලය ගැන මා දැනගන්නේ දින දෙකකට පමණ පෙර.

මේ ආණ්ඩුව විශාල වශයෙන් දමිල ගස්තර කුලයේ පිරිස් ඔවුන්ගේ කුලය නිසාම රාජ්‍ය ආයතන වල ඉහළ තනතුරු වලට පත් කරනවා.

දැනට මේ කුලයේ ඉහළම සාමාජිකයා මාලිමාව නියෝජනය කරන නියෝජ්‍ය ඇමැතිවරයෙක්.

මගේ තර්කය මිනිස්සු දේශපාලනය කරන්න ඕන ජාතික අරමුණකට.

ජාතික දැක්මකට, නව අදහස් වෙනුවෙන්.

කවුරුන් හෝ තමන්ගේ පුද්ගලික ජීවිතයේ ඇරියස් කවර් කිරීමට දේශපාලනය කරලා, රටේ බලය ගත්තොත් රට එතැනින් නතර වෙනවා.

ඔවුන් එතැන් සිට දේශපාලනය කරන්නේ දැක්මක් වෙනුවෙන් රට ගොඩනගන්න නෙවෙයි.

මුලු ජීවිත කාලයේම තමන්ට මග හැරුණු ආතල් ගන්න සහ තමන්ගේ හීනමාන සංතෘප්ත කර ගැනීමට නිසා.

අද ලාල් කාන්තලාට, සමන්ත විද්‍යාරත්නලාට වෙලා තියෙන්නේ ඒක.

තමන් නිර්ධන පන්තියේය කියලා දේශපාලනය කරපු ඔවුන්, අද ඔවුන්ගේම හීනමාන විසින් ගිලගෙන තමන් එසේ නොවන බව රටට පෙන්වීම මූලික වැඩේ කරන්.

ඔවුන්ට එදා කතා අමතක වෙලා හෝ ඒවා අද ‘රිග්‍රෙට්’ කරනවා.

ඔවුන් උපයන ධනය අයතා වත්කම් බව බබෙක් නොවන ඕනෑම අයෙකුට තේරෙනවා.

නමුත් හීනමාන වෙනුවෙන් ඔවුන් දිගටම උපයනවා. ගෙවල් හදනවා.

රටේ වැඩක් කරන්නේ හෝ කෙරෙන්නේ නැහැ.

අද ඇමතිලා, නියෝජ්‍ය ඇමතිලා ව්‍යාපාරිකයන් ඉදිරියේ දෙකට නැවෙන්නේ, දිනපතා ඔවුන් එක්ක බොන්නේ අර හීනමාන නිසා.

ඔවුන් හිතනවා ‘කළින් හිටපු ඇමතිලත් මෙහෙම තමයි කළේ. අපිත් උන්ගේ තත්තවයට එන්න ඕන’ කියලා.

ජනප්‍රිය පුවත්  ජීවත්වීමේ අයිතිය අහිමි කරන ඇසිඩ් වැසි ගෙනදෙන නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය!

ඉතින් ඔවුන් කොළඹ ව්‍යාපාරිකයන්ගේ කරට අත දාගෙන බොනවා.

ව්‍යාපාරිකයන් ඔවුන් අල්ලේ නටවනවා.

ඔබ දැකලා තියෙනවද කොළඹ ව්‍යාපාරිකයෙක් මේ ආණ්ඩුව විවේචනය කරනවා ?

නැහැ.

මේ ඩීල් එකක් දාගන්න පහසුම ආණ්ඩුව.

ඉස්සර ඔබට ඩීල් එකක් දාගන්න උවමනා නම් මිලියන පහක් – දහයක් විසි කරන්න වුණා.

ඇමතිගේ සම්බන්ධීකරන ලේකම්ගේ ඉදලා ෆෝන් එක හැන්ඩ්ල් කරන PA ට පවා වාත වෙන්න වුණා.

මම කියන්නේ ඒක හරියි කියලා නෙවෙයි.

නමුත් අද ඔබට ඩීල් එකක් දාගන්න උවමනා බ්ලැක් ලේබල් බෝතලයක් සහ කොළඹ කොහේහරි අපාර්ට්මන්‍ට් එකක් විතරයි.

ඒ නිසාම එදාට වඩා බොහෝ ගුණයකින්, හැම කුඩා ටෙන්ඩරයකටම සහ රාජ්‍ය මිලදී ගැනීමකටම අද ඩීල් එකක් වැටෙනවා.

වෝටර් බෝර්ඩ් එකේ කෙමිකල් ටිකේ ඉඳලා, බාල ගල් අගුරු ගේන්න, ඉන්දියාවෙන් ගේන හාල් ටිකට, ප්ලග් බේස් එකට පවා ඩීල් වැටෙනවා.

ඔබ බලන්න ඒ කාලේ පාර්ලිමේන්තුව.

මේ තමයි ඉතිහාසයේ වැඩිම පිරිසක් ‘කෝට්’ අඳින ආණ්ඩුව.

නමුත් මේ තමයි වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට එන්න පෙර ‘කෝට්’ නොඇඳපු මිනිස්සු හිටපු ආණ්ඩුව.

ඒවා සියුම් හීනමාන.

මේ ආණ්ඩුවේ සියලූම දෙනා ඉංග්‍රීසි කතා කරන මිනිස්සුන්ට බයයි. ඔවුන් කෙරෙහි සියුම් ගරුත්වයක් තියෙනවා.

මේ ආණ්ඩුවේ සියලූම දෙනා මිනිස්සු තමන් මුන ගැහෙන්න එන වාහනය දිහා බලනවා. ඔවුන් වාහනයට බයයි.

ඒවා ජාතික තලයේ දි රටක් විනාශ කළ හැකි මානසිකත්වයන්.

මාලිමාවේ කණ්ඩායම බලන්න.

අපි ජේවිපි මිනිස්සු අමතක කරමු.

ඔබ ගන්න ඔවුන්ගේ ඉහළම, ඔවුන් ශිෂ්ඨ කියලා මාකට් කරන චරිත දෙක.

අගමැති හරිනි අමරසූරිය. හරිනි කොළඹ කාන්තාවක්.

හැබැයි ඇය පුද්ගලික හේතුවක් නිසා කොළඹ සමාජයේ කොන් වෙලා හිටපු, 2019 දිත් නැති වෙච්ච පූසො ගැන පෝස්ට් ශෙයා කර කර හිටපු කෙනෙක්.

දෙවැන්නා අධිකරන ඇමති හර්ෂන නානායක්කාර. නීතිඥයෙක්.

හැබැයි නීතිඥ සමාජයේ තුන්වෙනි ස්ථරයේ නීතිඥයෙක්.

කළින් ආණ්ඩු වල හිටියේ ජී. එල් ලා. විජේදාස රාජපක්ෂ ලා, අලි සබ්‍රි ලා. නීතිඥ ක්ෂේත්‍රයේ ඉහළම ඉඳපු කට්ටිය.

හර්ෂන ලා ඒ පීරමීඩයේ බොහෝ පහත හිටියේ.

අද ඔහු අධිකරන ඇමති. ඔහු එයට සැබැවින්ම සුදුසුද ?

ජනප්‍රිය පුවත්  ඩබල් පොකට්, ඩබල් චරිත හා ඩබල් කැබි !

අනුර කරුණාතිලක. PhD එකක් නැතිව විශ්ව විද්‍යාලයේ උගන්වපු මිනිහෙක්.

මාලිමාවේ 159 දෙනාගේ සුදුසුකම් එකින් එක පරීක්ෂා කරන්න.

ඔවුන්ගේ පසුබිම, ඔවුන් මේ තනතුරු වලට එන්න කළින් ඔවුන්ගේ ක්ෂේත්‍රයේ ඔවුන් කොතරම් ‘ඉහළ’ ඉඳපු පිරිස් ද කියලා හොයලා බලන්න.

ඔවුන් සියලූම දෙනාම තමන්ගේ ක්ෂේත්‍ර වල පහලම අඩියේ සිටි පිරිස්.

කළින් ආණ්ඩු වල ත්‍රාඩයො හිටියා.

මර්වින් සිල්වා ලා හිටියා.

හැබැයි ඒ ආණ්ඩු පාලනය කළේ, විෂන් එක හැදුවේ, තින්ක් ටෑන්ක් වුණේ වෙන පිරිසක්.

ඔවුන් ඔවුන්ගේ ක්ෂේත්‍ර වල ඉහළටම ගියපු, බුද්ධිමත්, වැදගත් මිනිස්සු.

මේ ආණ්ඩුවේ විශේෂත්වය මේ ආණ්ඩුවේ 159 ම අඩු වැඩි වශයෙන් මර්වින් සිල්වා ලා.

මර්වින් මෙන් ගහේ බඳින්න නොයන පිරිස් පවා චින්තනයෙන් මර්වින් සිල්වා ලා.

අද රට නැවතිලා තියෙන්නෙත්, මාලිමා ආණ්ඩුව මුහුණ දෙන ප්‍රධාන දේශපාලනික අර්බුධයත් ඒක.

මාලිමාවේ ජාතික දේශපාලනයම ගොඩනැගිලා තියෙන්නේ මිනිස්සු කණ්ඩායමකගේ පුද්ගලික හීනමාන සංතෘප්ත කර ගැනීම වෙනුවෙන්.

ඔවුන්ට කාලයක් නොලැබුනු පිළිගැනීම, මුදල් ඉපැයීම වෙනුවෙන්.

ඔවුන්ට කාලයක් බොන්න බැරිවුනු විස්කි බොන්න, කාන්තාවො එක්ක නිදාගැනීම වෙනුවෙන්.

ආණ්ඩුවේ මූලික වැඩේ ඒක.

ඔවුන්ට වෙනත් ජාතික දැක්මක්, ජාතික අදහසක් නැහැ.

මාලිමාවට තමව දිට්වා කුණාටුවෙන් හානි වෙච්ච පාරවල් ටික හදාගන්න බැරි ඒකයි.

හැබැයි ඔවුන් කොළඹ ව්‍යාපාරිකයන්ට දෙවරක් එකම බිලට මුදල් ගෙවීමට මුදල් තිබෙනවා.

මේ අවුරුදු පහ ශ්‍රී ලංකාවට අපතේ යන, කිසිම වැඩක් නොකරෙන, එක තැන පල් වෙන හෝ පසුපසට යන අවුරුදු පහක්.

අවම වශයෙන් එතැනින් නතර වුනොත් ඇති. මේ කට්ටිය ඔවුන්ගේ මට්ටමේ අලුත් පාරකට රට දැමුවහොත් ශ්‍රී ලංකාවට නැවත ගොඩ ඒමක් නැහැ.

-සචින් රත්වත්තේ-

Add Your Heading Text Here

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x