June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව යාත්‍රා කිරීමට ඉරානයෙන් අවසර..

1 min read

ඉදිරි සති දෙකක කාලය සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා නෞකාවලට ආරක්ෂිතව ගමන් කිරීමට අවස්ථාව ලබා දෙන බව ඉරාන විදේශ අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, ඉරානය විසින් මෙම කාලසීමාව තුළ සියලුම නෞකා ගමනාගමන කටයුතු ඉරාන සන්නද්ධ හමුදාවන්ගේ සෘජු සම්බන්ධීකරණය යටතේ සිදු විය යුතු බවට කොන්දේසි පනවා තිබෙන බව එම වාර්තාවේ සඳහන්.

එමෙන්ම, පවතින තාක්ෂණික සීමාවන් සහ ආරක්ෂක තත්ත්වයන් කෙරෙහි නිසි අවධානය යොමු කරමින් මෙම ගමන් මාර්ගය විවෘතව තැබෙන බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x