ඩිල්කා සමන්මලී අභියෝගතා කුසලානය!
1 min read
හෝමූස් සමුද්‍ර සන්ධිය දැන් සම්පූර්ණයෙන්ම වසා දමා ඇත. විදේශ අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුව හමුවේ පැවසූවේ. එය වසා දැමුවාට අපට නම් ගාණක්වත් නැති බවය. ඇත්ත එය නම් කොච්චර හොඳ ද? විජිත හේරත් බබා සිය නායකයා ගත් මඟ යමින් පාර්ලිමේන්තුව බොරු කීම සඳහා යොදා ගන්නවා විය හැකිය. ඒ නිසා ඒ කතා බැරෑරුම්ව භාර ගැනීම ශරීර සෞඛ්‍යයට හානිකරය.
හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා දැමීමට අමතරව, රුසියාව තමන් නිෂ්පාදනය කරන ගැසොලින් (පෙට්‍රල්) අපනයනය කිරීම මාස තුනකට තහනම් කර ඇත. ඒ අප්‍රේල් 01 සිට ජුනි 01 දක්වාය. මේ අතර රතු මුහුදේ‘ පාලනය ද හූති සටන්කාමීන්ගේ අණසක යටතට පත්වීමේ වැඩි අවධානමක් නිර්මාණය වී ඇත. මුළු ලෝක ආර්ථිකයම දැන් ඇත්තේ ප්‍රාණ ඇපයට ගෙනය. ඒ ඉරානය සහ මිත්‍ර බලවේග විසින් ය.
මේ හේතුව මත ඉදිරියේදී ආහාර, ඖෂධ සහ තවත් බොහෝ දේ නිසි පරිදි රට තුළට නොඑනු නිසැක ය. ඉන්ධන මිලද අධි- සුඛෝපභෝගී භාණ්ඩයක තත්ත්වයට ඉහළ යනු ඇත. සංචාරකයකු බෙහෙතකටවත් සොයා ගැනීමට හැකි නොවනු නිසැක ය. විදේශගත ශ්‍රමිකයා, එම රැකියා අතහැර හෝ අහිමිව මෙරටට කඩා පාත්වීමට ඇත්තේ වැඩි ඉඩ කඩක් ය. විශේෂයෙන්ම මැද පෙරදිග රටවල රැකියා කරනවුන්ට එම ඉරණම වැඩිපුර අදාල ය.
පොහොර බෙහෙතකටවත් සොයා ගත නොහැකි වනු ඇත. තේ ඇතුළු බොහෝ අපනයන භෝග වගාවට එමගින් සිදුවන බලපෑම සුළු පටු නැත. දේශීය කෘෂිකර්මාන්තය ලත් තැනම ලොප් වනු ඇත. අලි මදිවට හරක් යැයි කීවා සේ දරුණු නියගය ද ඒ අතරට කඩා පාත්වී තිබේ. බොන්න වතුර ටික ද සෙත්ත පෝච්චි වෙන්නේ ඒ හින්දා ය.
මේ සෑම කරුණකින්ම පවසන්නේ නුදුරු අනාගතය පට්ට අවධානම් බව ය. පාලනයට අදාළ පද්ධතිය බිඳවැටෙන බව ය. රට වැසියා හා පාලකයා අතර වන සම්බන්ධය යකාට යන බව ය. බඩගින්න හා අහේනිය දරුණුවට හිස ඔසවන බව ය. යකා වැහුන සමාජයක් නිර්මාණය වන බව ය. කෙටියෙන් කිවහොත්, ආණ්ඩුව ගුටි කෑමට නියමිත බව ය.
එහෙත් මේ ආණ්ඩුව ඒ බව දන්නේ නැත. දන්නේ නම් පට්ට මොට්ට වටගලලා පොලිසියට ‘‘බෝර්ඩර් ලයින්“ උගන්වන්නට මේ වෙලාවෙ හිතන්නේ වත් නැත. හෑවගේලා ගාලු සිටි සෙන්ටර් විවෘත කරන්නට යන්නේ වත් නැත. මොලේ කලඳක් හෝ තිබේනම් මේ ආණ්ඩුව පැය 24ම එන්න නියමිත මේ මහා අර්බුදයට උත්තර සෙවිය යුතුය. මහජනයා සමඟ සංවාදයකට පැමිණිය යුතුය. වැදගත් අදහස් ඉපැද්දවිය යුතුය. ඒවාට ජීවය සැපයිය යුතුය. ඒ මොන මගුලක්වත් වෙන බවක් පේන්නේ වත් නැත. ජනාධිපති රට පාලනය කිරීම බාර දී ඇත්තේ යූ ටියුබර්ස්ලාට ය. කක්කි සුදාලාට ය. ගුණේ අයියලාට ය. බෘෘනෝලාට ය. ඇඩ්වකාටා බක පණ්ඩිත ඇමරිකානු රෙපිලාට ය. උන්ට ඇති ලොකුම ප්‍රශ්නය මේ එකක්වත් නොව දිල්කා සමන්මලිගේ පතිවෘත්තාව ය. අනේ කාලේ වනේ වාසේ කරන්නට හිතෙන්නේ මෙව්වා පෙනෙන කොටය.
මැයි මාසය ගුටි කෑමට නියමිත මාසය බව පැහැදිලි ය. ගල් අඟරු හොරකමේ ප්‍රතිඵල ලෙස විදුලිය කපනු ඇත්තේ අප්‍රේල් අග හෝ මැයි මුල සිට ය. අලුත් අවුරුද්ද මිනිස් ඉතිහාසයේ අප දුටු නසරාණිම අවුරුද්ද බවට පත්වනු ඇත. ඉන් පසු එන්නේ වෙසක්ය. දන්නා ඉතිහාසයේ මස්තබාල්දුම වෙසක් සමරුව උරුම වනු ඇත්තේ මෙවර ය. සල්ලි ඇති එකා ද සල්ලි නැති එකා ද උපරිම ආතතියෙන් ජීවත් වන තැනට සියල්ල සිදුවනු ඇත. ඔය අල්ල පනල්ලේ රෙදි සෝදන අන්දම ගැන තැපැල් මාර්ගික පාඨමාලා සිදුකරන හඳුන්නෙත්තිලා දුටු තැන පහර කෑමට නියමිත බව පැහැදිලිය.
ආණ්ඩුව රුසියාවෙන් බලශක්තිය ලබා ගැනීමේ අවස්ථාව අතහැර ඇත. දැන් අපට යැපෙන්නට සිදුවන්නේ ඉන්දියාව මතය. ඉන්දියාව ලෙඩා නොමරා මරණු නිසැක ය.
මේ එකක්වත් ආණ්ඩුවට තේරෙන්නේ නැත. උන්ගේ ලෝකයේ දැන් පවත්නා ලොකුම තර්ජනය ඩිල්කා සමන්මලීය. උන් දැන් ඩිල්කාට ඩිෂ්ටි ඩිඩිං දෙන හැටි හිත හිත ඉන්නේ ය. පුංචි අම්මලා සහේට ගත් උන්ට ඊට වඩා දෙයක් තේරෙන්නේ නැති එක සාධාරණ ය.
එසේ වුවද මිනිසුනේ, අපි පව්! ය. අපට පිහිට අප මිස අන් කවරෙක් ද?
