April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රිකන් හමුදාවේ අතිශය රහස් දන්නා බුද්ධි විශේෂඥවරිය ඉරානයට එකතු වුණේ ඇයි?

1 min read

🔴ඇමඉරාන සහ ඇමරිකන් හා ඊශ්‍රායල් යුද්ධය බොහෝ රහසිගත සිදුවීම් එළියට ඇද දමමින් තියෙනවා. මොනිකාගේ කතාවත් ඒ වගේ රසවත් රහස් කතාවක්. ඇත්තටම එය අපට රසවත් වුණාට ඇමරිකාවට නම් මාරාන්තික භීතිය ගෙන දෙන රහස් කතාවක් කියල කියන්න පුළුවන්.


ඇගේ කතාව අපි දැන් කියවමු.ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ එල් පාසෝ නගරයේ මොනිකා එල්ෆ්‍රයිඩ් විට් ඉපදිලා තියෙනවා. ඇය ඉගෙනීමට ඉතා දක්ෂ වුණා වගේම භාෂා කුසලතා සඳහා විශේෂඥතාවයක් දක්වලා තියෙනවා.එහි ප්‍රතිඵලයක් විදිහට මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයෙන් සහ ජෝර්ජ් වොෂිංටන් විශ්ව විද්‍යාලයෙන් ශ්‍රාස්ත්‍රපති උපාධි දෙකක් ලබාගෙන තියෙනවා.


ඒ වගේම ඇය ආරක්ෂක භාෂා ආයතනයෙන් (Defense Language Institute) පර්සියානු භාෂාව පිළිබඳව සහතික පත්‍රයක් පවා ලබාගෙන තියෙනවා.


මොනිකා විට් අවුරුදු 18 සම්පූර්ණ වෙනකොට ඇමරිකන් ගුවන් හමුදාවට බැඳිල තියෙන අතර අධ්‍යාපනයේ මෙම දක්ෂකම් දක්වන්නේත් හමුදා ජීවිතය තුළ ඉදිමින්.


කොහොම නමුත් ඇය අවුරුදු 10 කට වැඩි කාලයක් එක්සත් ජනපද ගුවන් හමුදාවේ කේත අධ්‍යයනයේ බුද්ධි විද්‍යාඥවරියක් විදිහට සේවය කරල තියෙනවා. සරලව කියනවානම්, වචන සහ සංඛ්‍යාවල රහස් පද්ධතිවල ඇය විශේෂඥවරියක්.

ජනප්‍රිය පුවත්  රෙජීම් සහ සිස්ටම් චේන්ජ් කරන ඇමරිකාවේ අදිසි හස්තය, 'ජූලී චන්ග්'


ඇයගේ දක්ෂකම් කොතරම්ද කියනවානම්, ඇමරිකන් ජාතික ආරක්ෂක බුද්ධි ඒකකයේ අතිශය රහස් (Top Secret/SCI clearance) නැත්නම් ටොප් සීක්‍රට් ඒකකයට ප්‍රවේශය ලැබුණු නිලධාරීන් කීප දෙනාගෙන් එක් කෙනෙක්. එම ඒකකයේදී මානව බුද්ධි තොරතුරු (HUMINT) ඇතුළු සංවේදී දත්ත හැසිරවීමේ වගකීම ඇය විසින් දරල තියෙනවා.


ඒ වගේම ඇය ගුවනින් සිදුකරන සංඥා බුද්ධි විශ්ලේෂණය (Airborne Cryptologic Language Analyst) සහ ගුවන් හමුදා විශේෂ පරීක්ෂණ කාර්යාංශයේ (AFOSI) විශේෂ නියෝජිතවරියක් ලෙසත් කටයුතු කරල තියෙනවා.


යුද්ධ කාලවකවානුවලදී ඇය සවුදි අරාබිය, ග්‍රීසිය සහ කටාර් වැනි රටවල යෙදවුම්වල නිරත වෙලා තියෙනවා. ඇයගේ ධෛර්ය සම්පන්න සහ දක්ෂ සේවය වෙනුවෙන් එවකට ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් විසින් Air Medal සම්මානය පිරිනමල තියෙනවා. ඊට අමතරව Air Force Commendation Medals තුනක් සහ Aerial Achievement Medals තුනක් ද හිමිකරගෙන තියෙනවා.


මෙම දක්ෂ නිලධාරිනියගේ ජීවිතයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යය වෙලා තියෙන්නෙ ඇය ඉරානය වෙනුවෙන් ඔත්තු බැලීමට පටන් ගැනීමයි.මේ වැඩ කටයුතුවලදී ඇය තේරුම් ගන්නවා ඇමරිකාවේ ඉරානයට අදාළ ප්‍රතිපත්තිය වැරැදියි කියන කාරණාව. මෙහි අවසාන ප්‍රතිඵලය වෙලා තියෙන්නෙ මොනිකා වෙට් ඉරානය තම මව් බිම ලෙස තෝරා ගැනීමයි.

ජනප්‍රිය පුවත්  ඇමතිවරයෙකු අපරාධ චෝදනාවලට ලක් වූ විට ශ්‍රී ලංකා ආණ්ඩුව කළ යුතු දේ…


කොහොම නමුත් ඉරානයේ බුද්ධි කටයුතුවල යෙදිල ඉන්න ගමන් මොනිකා 2012 දී ඉරාන රූපවාහිනියක විකාශය වූ උත්සවයකදී නිල වශයෙන් ඉස්ලාම් ආගමට හැරිල තියෙනවා. ඇමරිකානුවන් මෙයත් ඇයගේ බුද්ධි සේවාවේ රඟපෑමේ කොටසක් විදිහට විශ්වාස කරන්නට ඇති. නමුත් ඇය ඒ වන විටත් තම ආත්මයෙන්ම ඉරාන ජාතිකයෙක් වෙලා ඉවරයි.


මේ සිදු වීමෙන් අවුරුද්දකට පස්සෙ එනම් වසර 2013 දී ඇමරිකානු බුද්ධි අංශ තේරුම් ගන්නවා ඇය සම්පූර්ණයෙන්ම ඉරානයට පක්ෂපාතියි කියන කාරණාව. නමුත් ඒ වන විටත් ඇය ඉරාන විප්ලවාදී ආරක්ෂක බලකාය සමඟ සම්බන්ධ වෙලා අවසන්.


ඉන් පසුව මොනිකා වෙට් ගැන කිසිඳු තොරතුරක් නොදන්නා නමුත් මෙම යුද්ධයේදීත් ඇයගේ දැනුමේ සෙවනැලි ඇමරිකන් හමුදාවට පෙනිල තියෙනවා.


ඇමරිකානු ආරක්ෂක බුද්ධි ඒජන්සියට (DIA) අනුව මොනිකා එල්ල කරන තර්ජන මට්ටම 10න් 7ත් 8ත් අතර ඉහළ අගයක් ලෙස තක්සේරු කරල තියෙනවා. එනම් ඇය තවමත් ඉරානයට අතිශයින් ප්‍රයෝජනවත් වන සහ ඇමරිකාවට දැඩි හානි කළ හැකි පුද්ගලයෙකු බවයි.


කොහොම නමුත් අවසන් වශයෙන් මේ කරුණ කියන්න පුළුවන්. මොනිකා වෙට් සතුව ඇති අද්විතීය දැනුම (ඇමරිකානු රහස් මෙහෙයුම් ක්‍රමවේද, තාක්ෂණික දුර්වලතා, නිලධාරීන්ගේ අනන්‍යතා) නිසා ඇය ඉරානය සතු දිගු කාලීනව ක්‍රියාත්මක වන අතිශය ඵලදායී රහස් ආයුධයක්. එය අතිශයින් භයානක වන්නෙ ඇය වැඩ කරන්නෙ මුදලට හෝ වරදානවලට නොවන නිසා.

ජනප්‍රිය පුවත්  ප්‍රජා ශක්ති තනි පක්ෂ ශක්තියකට ද ?


ප්‍රියන්ත මධුකුමාර.

Comments

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x