April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සිංගප්පූරුවේ සිට පාර්ලිමේන්තුවට! ෆයිසර් අස්වෙයි!

1 min read

මේ දිනවල සිය බිරිඳ සමඟ සිංගප්පූරුවේ සංචාරයක නිරතව සිටින විපක්ෂ ප්‍රධානියකු එරට සිට සැලසුම් කර ඇත්තේ වර්ධනය වන ආර්ථික හා දේශපාලන අර්බුදය හමුවේ පාලන තන්ත්‍රය මෙහෙයවීමේ වගකීම බාර ගැනීමට ය.

මෙම විපක්‍ෂ ප්‍රධානියා සිය බිරිඳ සමඟ සිංගප්පූරුව බලා ගියේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යැයි කීවත්, එරට දී ප්‍රධාන බලගතු රටක ආරක්ෂාවට අදාළ ප්‍රධානියකු හමුවීමට ද සැලසුම් කර තිබුණි. මේ වන විට එම ආරක්ෂක අංශ ප්‍රධානියා මෙන්ම, භූ දේශපාලන වශයෙන් වැදගත් වන තවත් රටක රාජතාන්ත්‍රික ප්‍රධානියකු ද මෙම විපක්ෂ ප්‍රධානියා මුණ ගැසී සාකච්ඡා පවත්වා තිබේ.

එහි දී තීරණය කර ඇත්තේ සිංහල අලුත් අවුරුදු වලින් පසුව ලංකාවට පැමිණි වහාම මෙම ප්‍රධානියා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට ය. ඒ සඳහා ඔහුට මග පාදනු සඳහා දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටින ෆයිසර් මුස්තාපා එයින් ඉවත්වීමට එකඟතාව පළ කර තිබේ.

අප්‍රේල් වන විට ශ්‍රී ලංකාව දරුණු ආර්ථික දේශපාලන හා සමාජීය බිඳවැටීමකට ලක්වනු ඇතැයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙති.


නදීකා වර්ෂමාන

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
sx777
sx777
22 days ago

Hey guys! Been hitting up sx777 lately and gotta say, it’s been pretty lucky. Games are smooth and payouts are decent. Definitely worth checking out if you’re looking for some fun. Check it out here: sx777

1
0
Would love your thoughts, please comment.x
()
x