March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉරානය 06 වන ප්‍රති ප්‍රහාර රැල්ල අරඹයි

1 min read

තම රටේ ඉහළම පෙළේ දේශපාලන සහ හමුදා නායකත්වය ඉලක්ක කර ගනිමින් එල්ල වූ ඝාතනවලට පලිගැනීමක් ලෙස, ඉරානය මේ වන විට ‘හයවන ප්‍රතිප්‍රහාරාත්මක මෙහෙයුම ් ආරම්භ කර ඇත.ඊශ්‍රායල සහ ඇමරිකානු ඒකාබද්ධ ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්වූ තම උත්තරීතර නායකයා ඇතුළු ආරක්ෂක ප්‍රධානීන්ට යුක්තිය ඉටුකිරීම මෙම මෙහෙයුමේ මූලික අරමුණ බව ඉරාන පාර්ශවය අවධාරණය කරයි.

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සඳහන් කරන පරිදි, මෙම මෙහෙයුම සඳහා අතිමහත් මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රමාණයක් යොදාගෙන ඇත. ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්ක කර ඇත්තේ ඊශ්‍රායල ටෙල් අවිව් සහ හයිෆා නගරවල පිහිටි තීරණාත්මක මූලෝපායික මධ්‍යස්ථාන, ඉරාකය, සිරියාව සහ ජෝර්දානය යන රටවල ස්ථාපිත කර ඇති අමෙරිකානු හමුදා කඳවුරු යන ස්ථානයි.

මෙම දැවැන්ත ප්‍රහාර මාලාව සඳහා ඉරානය සතු ශබ්දයට වඩා වේගයෙන් ගමන් කළ හැකි (Hypersonic) නවීන Fattah මිසයිල හා එකවර සිය ගණනින් දියත් කළ හැකි Shahed මාරක ඩ්‍රෝන යානා නවීනතම යුද අවි ආයුධ භාවිත කර ඇති බව වාර්තා වේ.ඉරාන බලධාරීන්ට අනුව මෙය කලාපය තුළ ඇමරිකානු සහ ඊශ්‍රායල බලපෑමට එරෙහිව දියත් කළ තීරණාත්මක යුදමය පියවරකි.

ජනප්‍රිය පුවත්  ලාභ ලැබූ ශ්‍රී ලංකන් පුනරුදෙන් පාඩු ලබයි!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x