March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කුමාර ජයකොඩි කැට තියා කියූ සාක්ෂි නොමැති චෝදනාවට මෙන්න පිළිතුරු

1 min read

විදුලිබල හා බලශක්ති අමාත්‍ය පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි මහතා 2014- 15 සමයේදී ලංකා පොහොර සංස්ථාවේ හුණුපිටිය මධ්‍යම ගබඩා සංකීර්ණයේ කාපට් ඇතිරීමේ සිදුවීමකට සම්බන්ධව වංචාවක් සිදු කර ඇති බවට චෝදනා එල්ල වී වරදකරු බවට පත් වී ඇති බවට ඊයේ (20) දින පාර්ලිමේන්තුවේ චෝදනා එල්ල වූ අතර, එම චෝදනා හැකිනම් සාක්ෂි සහිතව ඔප්පු කරන ලෙස කුමාර ජයකොඩි මහතා අභියෝග කළේය.

එම කාලයේදී කුමාර ජයකොඩි මහතා මෙම පොහොර සංස්ථාවේ ප්‍රසම්පාදන හා ආනයන කළමනාකරු ලෙස කටයුතු කල අතර, 2019. 02. 21 දින අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් මගින් එම සිදුවීමට අදාළ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කර ඇත.

චෝදනාව 01 – කාපට් ඇතිරීමේ කොන්තරත්තුවේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය නියමිත පරිදි සිදු නොකර කොන්ත්‍රාත් කොන්දේසි අංක 51.01 හා අත්තිකාරම් ගෙවීම ඇපකර ආකෘතියට අනුව සිදු නොකිරීම නිසා රුපියල් 8,859,708/= ක මුදලක් සමාගමට පාඩු සිදු කිරීම, ඒ පිලිබඳ වගකීම් විරහිතභාවයෙන් කටයුතු කිරීම.

චෝදනාව 02 – පළමු කොන්තරත්තුවේ කාලසීමාව දිගු කිරීම හෝ, එසේ කිරීම මත බැංකු ඇපකරයේ කාලසීමාව දීර්ඝ කිරීම වෙනුවෙන් කොන්ත්‍රාත්කරුගෙන් ඉල්ලීමක් නොකර සමාගමට අහිතකර ලෙස කටයුතු කිරීම.

ජනප්‍රිය පුවත්  ගුරු සේවයට එනවා නම් විභාගේ ලියන්න! අපි රෙස්ට්හවුස්වල ගුරුපත්වීම් දෙන්නේ නෑ! – ඇමති බිමල් රත්නායක…

චෝදනාව 03 – කොන්ත්‍රාත් වටිනාකමෙන් 5% ක කර්යයසාධන ඇප බැඳුම්කරය කොන්ත්‍රාත්තුව නිම කිරීමෙන් පසු දින 28 කට අදාලව ලබා නොගෙන ඉහත 1, 2 චෝදනා අනුව වැඩ ප්‍රසම්පාදන ලේඛනයේ කොන්දේසි කඩ කරමින් වගකීම් හා රාජකාරි පැහැර හැරීම.

චෝදනාව 04 – රු. 2,214,927 ක් වන කර්යයසාධන ඇපකරය යක්කල මහජන බැංකු ශාකාවේ පවත්වාගන ගිය අතර, 2014.02.06 දින සිට 2014.05.05 දින දක්වා වූ අතර වැඩ අවසන් වන දිනය ලෙස වූයේ 2014.05.10 දිනයි. එම කාල වකවානු ගැන නොසැලකිලිමත්ව ක්‍රියා කිරීම.

චෝදනාව 05 – ඉහත චෝදනා සියල්ල අනුව රාජකාරි පැහැර හැරීම, තනතුර අපකීර්තියට පත් කිරීම, සේවක විනය නීතිවලට පටහැනිව ක්‍රියා කිරීම.

මෙම චෝදනා 05 යි.

ඒ අනුව, පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි මහතා වෙත එල්ල කළ චෝදනා 5 න් 2 කට වරදකරු වී ඇති බව පැහැදිලිවම සඳහන් කර ඇති අතර, එම චෝදනා වලට දඬුවම් නියම වී ඇත.

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඔහුව අදාළ දඬුවම් වලින් නිදහස් කරගන නීතියෙන් රිංගා සිටින බවටද ඇතැමුන් චෝදනා කරයි.

ජනප්‍රිය පුවත්  මාලිමාවේ ඉන්නෙත් හොරු කියලා හිතන්න එපා! අපි එහෙම නැහැ! බිමල් රත්නායක

මෙම සිදුවීම් මෙසේ පැහැදිලිවම තිබියදී, රටේ විශාලතම ප්‍රසම්පාදන ක්‍රියාවන් සිදු කරන ආයතනය වන විදුලිබල හා බලශක්ති අමාත්‍ය ලෙස පත් කිරීම කෙතරම් නීතිවිරෝධී ක්‍රියාවක් දැයි පැහැදිලිවම ඔප්පු වී ඇත.

එම සිදුවීමේ මෙන් ම ප්‍රසම්පාදන ක්‍රියාවන් වෙනස් කරමින් වෙනත් සමාගමකට ගල් අඟුරු ටෙන්ඩරය ලබා දී බාල ගල් අඟුරු ගෙන්වීම පිළිබඳවද මේ දිනවල විශාල සංවාදයක් පවති.

මෙසේ චෝදනා ලැබුවෙක්, නීතිය ඉදිරියේ වරදකරුවෙක් වූ අයෙක් අමාත්‍ය මණ්ඩලයේ පත්වීම් දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාටත් මේ හේතුවෙන් චෝදනා එල්ල වී තිබේ.

අධ්‍යක්ෂක මණ්ඩල පත්‍රිකාව

චෝදනා පත්‍රය

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x