March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

1 min read

ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු සැකකරුවන් දසදෙනා පෙබරවාරි 2 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඒ ඔවුන් අද ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

ත්‍රි‍කුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කළේ යැයි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව කර තිබූ පැමිණිල්ලට අදාළ නඩුව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළිත් කැඳවුණි.

එහිදි එම නඩුවේ සැකකරුවන් ලෙස නම්කර අත්අඩංගුවට ගෙන අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි භික්ෂූන් වහන්සේ සිව්නම ඇතුළු සැකකරුවන් 10දෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.

එම පිරිස අතරට ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලය කල්‍යාණවංශ තිස්ස හිමියන්, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පූජ්‍ය ත්‍රිකුණාමලය සුඛිතවංශ තිස්ස හිමියන් සහ පූජ්‍ය නන්ද හිමියන්ද ඇතුළත් විය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x