ජනපති -අග විනිසුරු ඇර ගනියි!
1 min read
අග්‍රවිනිශ්ච්‍යකාර ප්‍රති පත්මන් සූරසේන විදේශගත වන අවස්ථාවේදී වැඩ බලන අග විනිසුරු වශයෙන් පත්කිරීමට නිර්දේශ කර ඇත්තේ ඒ වන විට ජ්‍යේෂ්ඨත්වයෙන් 6 වැනි ස්ථානයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්නය.
සාමාන්‍යයෙන් අග විනිසුරුවරයා විදේශ ගත වන විට වැඩ බලන අග විනිසුරු වශයෙන් පත්කරනුයේ ජ්‍යෙෂ්ඨත්වයෙන් දෙවැනියාට සිටින ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා ය.
වර්තමාන අග්‍රවිනිශ්ච්‍යකාරවරයා විදේශගත වූ පළමු අවස්ථාවේදී ඔහුගේ නිර්දේශ පරිදි ඒ වන විට ජ්‍යෙෂ්ඨත්වයෙන් 6 වැනියාට සිටි ශිරාන් ගුණරත්න විනිසුරුවරයා වැඩ බලන අග විනිසුරුවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ. පසුව ජනාධිපතිවරයාට සමීප නීතිවේදීන් පෙන්වා දී ඇත්තේ එය නොකළ යුතුව තිබූ පත්වීමක් බවය. එවැනි පත්කිරීමක් සිදුකිරීම ජනාධිපතිවරයාට අගතිදායක ලෙස බලපාන බව ද ඔවුන් පෙන්වා දී තිබේ.
පසුව දෙවැනි වතාවටත් අග විනිසුරුවරයා විදේශගත වන විට වැඩ බලන අග විනිසුරුවරයා ලෙස කටයුතු කිරීමට නිර්දේශ කර එවා ඇත්තේ ඒ වන විට ජ්‍යෙෂ්ඨත්වයෙන් හතරවෙනි ස්ථානයේ සිටි ශිරාන් ගුණරත්නව ය. මෙහිදී එම පත්කිරීම නැවතත් සිදුකිරීමට පැකිලුනු ජනාධිපතිවරයා පෙරළා අග විනිසුරුවරයා වෙතින් ලිඛිතව විමසා ඇත්තේ ශිරාන් ගුණරත්න විනිසුරුවරයාගේ නම වැඩ බලන අග විනිසුරු ලෙස පත්කිරීමට නිර්දේශ කිරීම සඳහා බලපා ඇති විශේෂ හේතු වේ නම් දන්වන ලෙසය.
මෙම ලිපිය ලැබීමෙන් පසු අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සිදුකර ඇත්තේ එයට පිළිතුර නොයවා තම විදේශ සංචාරයේ නිරත වීමය. අග විනිසුරුවරයාගෙන් නිසි ප්‍රතිචාරයක් නොවූ බැවින් ජනාධිපතිවරයා සිදුකර ඇත්තේ ඒ වන විට ජ්‍යේෂ්ඨත්වයෙන් දෙවැනි ස්ථානයේ සිටි යසන්ත කෝදාගොඩ වැඩ බලන අග විනිසුරු ලෙස පත් කිරීමය.
පසුව අදාළ විදේශ සංචාරය නිමකළ ලංකාවට පැමිණීමෙන් පසු අග විනිසුරුවරයා ජනාධිපතිවරයා මුණගැසී තිබේ. එහිදී ඔහු විමසා ඇත්තේ තමන් නිර්දේශ කළ විනිසුරුවරයා වැඩ බලන අග විනිසුරු ලෙස පත් නොකර, ජනාධිපතිවරයා විසින් වැඩ බලන අගවිනිසුරු ලෙස විනිසුරන් අතරින් ජ්‍යෙෂ්ඨත්වයෙන් දෙවැනි ස්ථානයේ සිටි යසන්ත කෝදාගොඩ පත් කිරීමට කටයුතු කළේ ඇයිද? යන්නය. එම ගැටළුව සාකච්ඡා කිරීමෙන් අනතුරුව අගවිනිසුරුවරයා තවත් ප්‍රශ්නයක් මතු කර තිබේ
ඡන්දයට පෙර සිටම ජෙරම් ප්‍රනාන්දුගේ ආගමික සංස්ථාව නීත්‍යානුකූල ව්‍යවස්ථාපිත ආගමික සංස්ථාවක් බවට පත් කරන බවට. ජනාධිපතිවරයා පොරොන්දු වූ නමුත් දැන් වසරකටත් වැඩි කාලයක් ගත වී ඇතත් එය සිදුව නොමැති බව අගවිනිසුරුවරයා පෙන්වා දී තිබේ.
එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ‘‘ත්‍රිකුණාමලයේ බුදු පිළිමයක් හින්දා තියෙන ප්‍රශ්න මදිවට ඔය වැඩේ කරන්න ගියොත් මේ වෙලාවේ ලොකු ප්‍රශ්නයක් වෙනවා“ කියාය. එහිදී කෝපයට පත් අග විනිසුරුවරයා තමා අතේ තිබූ එම ආගමික සංස්ථාව ව්‍යවස්ථාපිත ආයතනයක් බවට පත් කිරීමේ කෙටුම්පත සහිත ලිපිගෛානුව මේසය මතට විසිකර සිය අප්‍රසාදය පෙන්වා එම ස්ථානයෙන් නික්ම ගොස් තිබේ.
අග විනිසුරුවරයාගේ බිරිඳ ජෙරම්ගේ ප්‍රබල අනුගාමිකයකු වන අතර, ඇය විසින් අගවිනිසුරුවරයා ද එම ආගමට හරවාගෙන ඇත. ජනාධිපතිවරයාගේ සමීප යෙහෙළියක වන ප්‍රමිෂ්කා පෙරේරා ද ජෙරම් ප්‍රනාන්දුගේ ප්‍රබල අනුගාමිකාවකි.
කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් පසු අග විනිසුරුවරයා සිය මිතුරු සමාජය තුළ ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය විවෘතවම විවේචනයට ලක් කරන බව වාර්තාවේ
සවීන්ද්‍ර සපරමාදු
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
