January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

‘දිත්වා‘ සහ දානය!

1 min read

ශ්‍රී ලංකාවට බරපතළ හානි සිදු කළ (තවමත් හරියට දත්ත ඇත්තේ නැත! රටේ ජනාධිපතිම කීවේ දත්ත නැතැයි කියා ය!) ‘දිත්වා’ සුළි කුණාටුව ඉන්දියාවේ තමිල්නාඩුවට ඇතුල්වී පැය 48ක් ගෙවී ගිය ද මරණ සිදුව ඇත්තේ 3කි. එයට හේතුව වන්නේ, කුණාටුවට මුහුණ දීම සඳහා එය පැමිණීමට දෙසතියකට පෙර සියල්ල මනාව කළමනාකරණය කිරීමට තමිල්නාඩු ප්‍රාන්ත පාලනයත්, එරට මධ්‍යම රජයත් ක්‍රියා කළ නිසාය. ශ්‍රී ලංකාවේ මෙන් නොව, සහන කණ්ඩායම් සහ ධීවර ප්‍රජාවගේ බෝට්ටු කල්තබා ස්ථානගත කර තබන්නට තමිල්නාඩු බලධාරීන් සමත් විය. ශ්‍රී ලංකාවේ මෙන් තුන් ගුණයක ජනගහනයක් (මිලියන 60ක්) වෙසෙන තමිල්නාඩු ප්‍රාන්තයේ මෙම ආපදාව කළමනාකරණය සඳහා කණ්ඩායම් 28 ක් කල් තබා පත්කර තිබුණි. ‘දිත්වා’ තමිල්නාඩුවේදී මෙල්ල වූයේ ඒ පූර්ව මෙහෙයුම නිසා ය.

ශ්‍රී ලංකාවේ මෙන් බරපතල හානි වලින් තොරව තත්වය පාලනය කරන ලදැයි තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා මාධ්‍යයට ප්‍රකාශ කළේ ලංකාවට හීනි නෝන්ඩියකුත් දමමින් ය.

තමිල්නාඩුව පෙන් වූ ඒ ප්‍රශස්ත බව අපේ රාජ්‍ය පාලනයේ තිබුණේ නැත. ජාත්‍යන්තරව පළමු අනතුරු ඇඟවීම ආවේ නොවැම්බර් 10 ය. නොවැම්බර් 13 අපේ ජනාධිපති කළේ ඉල්මහ ”විරුවන්” සැමරීම ය. නොවැම්බර් 12 කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ සාකච්ඡා කිරීම ය. 18 වැනිදා ආරක්ෂක අමාත්‍යාංශය වැය ශීර්ෂය වෙනුවෙන් කතා පැවැත්වූයේ ය. 19 කළේ සංහිඳියාව වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කිරීම ය. නොවැම්බර් 20 වැනිදා තංගල්‍ලේ ”ඉවත්වනු” රැලිය පැවැත්වී ය. 22 වැනිදා ඊනියා ශ්‍රී ලාංකික දිනය සැමරීමට අදාළ සාකච්ඡාවන් ය. 25 රටම එකට මෙහෙයුමේ දෙවැනි සැසිය විය. 26 වූයේ සිනමා පට බෙදා හරින්නන් සහ නිෂ්පාදකයන් සමඟ වූ සාකච්ඡාව ය. ඊට අමතරව මාර්ග සංවර්ධන ඉංජිනේරුවන් සමග ද සාකච්ඡාවක් විය.

ජනප්‍රිය පුවත්  යාපනේ සිහලුන්ගේ දුක! සහජීවනේ රෙද්ද පල්ලෙන් බේරීම!

නොවැම්බර් 27 වන විට ආපදාවට පණ ලැබී ඇත. හදිසි නීතියත්, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් පත් කිරීමත් සිදුවූයේ බොහෝ දේ සිදුවීමෙන් පසුවය. විපතකදී රාජ්‍ය සේවයට නිවාඩු දුන් ප්‍රථම ගොං තකතීරු ආණ්ඩුවක් රටේ ඇති බව පෙන්වූයේ ද ඒ අතරතුර ය. ඒ අතින් ලංකාව, ඉන්දියාව හමුවේ ‘‘ෆේල්” ය!

නමුත්, අප සමත්ව ඇත්තේ කුමකින් ද, විපතේදී පිහිටවීමේ ගුණයෙන් අප තවමත් සමත් ය. අනතුරට ලක්වූවන් බේරාගන්න රණවිරුවන් පෙන් වූ ආදර්ශය කියාපාන්නේ ඒ බව ය. මිනිසුන් දැක් වූ ඉදිරිපත් වීම කියාපානයේ ඒ බව ය. පන්සලේ, දේවස්ථානයේ කෑම පිළියෙල කර බෙදාහැරීමෙන් අප සමත් ය. රුධිර සංචිතවල හිගයක් පවතින බව දැනුම් දී දවසක් ඇතුළත රට පුරාම ලේ බැංකු ගබඩා පිරී යන තරමට පරිත්‍යාගශීලීන්ගෙන් රුධිරය ලැබී ඇත්තේ ඒ අනුව ය. පැයකට වඩා පෝලිමේ සිට ලේ දන්දෙන්නේ ලොව කුමන රටක ජීවත් වන කුමන මිනිසුන් ද?

මේ මහා උසස් මානව ගුණයෙන් අප තවමත් පොහොසත් ය. ”බල්ලො මරා හරි සල්ලි සොයන” ක්‍රමයක් ඇතිකළ ද අපේ මිනිසුන් සමූහිකව ඒ තත්ත්වයට පත්ව නැත. ඓතිහාසිකව බුදු දහම මේ රටට දුන් මහා බලගතු සම්පත මෙය මිස අන් කුමක්ද?

ජනප්‍රිය පුවත්  අඳ ගොළු බිහිරි නීතිය

දැන් අප කළ යුත්තේ අප සමත් වී ඇති ගුණය වඩවා රටක් ලෙස අපව අසමත් කර ඇති දුර්ගුණය පැරදවීම ය. එය කිරීමට හැක!

කළ නොහැක්කක් නොමැත

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x