November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

භාණ්ඩාගාර බැඳුම්කර තමන්ම මිල දී ගත් නන්දලාල්ට ජාත්‍යන්තර සම්මානයක්

1 min read

2025 Word’s Best Bank සම්මාන උළෙලේ දී, ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් ”A ශ්‍රේණියේ” සම්මානය ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ වෙත පිරිනමා තිබේ.

චිවක්ෂණ ශීලී මුදල් ප්‍රතිපත්ති, මූල්‍ය පද්ධති අධීක්ෂණය සහ අභියෝගාත්මක ගෝලීය තත්වය හමුවේ මහබැංකුව ලබාදුන් නායකත්වය ඇගැයීමක් ලෙස මෙම සම්මානය ඔහුට පිරිනමා තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිහගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් පසුගිය ඔක්තෝබර් මස 13 සිට 18 වන දින දක්වා වොෂින්ටන් ඩී.සී.හි. පැවැති ලෝක බැංකු සමූහයේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුද‌ලේ 2025 වාර්ෂික රැස්වීම සඳහා එක් වී ඇත. ඒ අතර තුර පැවැති 2025 වර්ල්ඩ් බෙස්ට් බෑන්ක් සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා මෙලෙස සම්මානයෙන් පිදුම් ලබා ඇත.

කෙසේ වෙතත්, මෙම මහ බැංකු අධිපතිවරයා, පසුගිය කාලය තුළ තමන් විසින්ම පොලී අනුපාතය තීරණය කර නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර තමන් විසින්ම මිලදි ගෙන තිබේ. මේ බව කරුණු සහිතව ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ විසින් අනාවරණය කරන ලදී. ඒ පිළිබඳව මහ බැංකු අධිපතිවරයා කිසිදු ප්‍රතිචාරයක් දැක්වීමෙන් වැළකී සිටියේය.

ජනප්‍රිය පුවත්  යටත්විජිතගේ ප්‍රේම විජිතය මෙන්න!

එබඳු සදාචාර විරෝධී හා බැඳියාවන් අතර ගැටුමක් සහිත දූෂිත භාවිතයක නියැලුණු මහ බැංකු අධිපතිවරයකුට ගෝලීය සම්මාන හිමිවීම විහිලුවක් බව ආර්ථික විශේෂඥයන්ගේ මතය වී තිබේ.

භානුක විජේවර්ධන Underground වාර්තාකරු

Subscribe
Notify of
guest
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Rehan Liyamage
Rehan Liyamage
30 days ago

දැන් පේනවනෙ මුන්ගෙ ඇජෙන්ඩා එක. රටට කෙලවද්දි ලෝකෙන්ම සම්මාන හම්බවෙනවා

Rashmi Sriyalatha
Rashmi Sriyalatha
29 days ago
Reply to  Rehan Liyamage

සිරාවටම

2
0
Would love your thoughts, please comment.x
()
x