නාමල්ගේ ඇප ඉල්ලීම අදත් ප්රතික්ෂේපයි.. ලබන 6 වනදා දක්වා නාමල් සහ ජානකී යළි රිමාන්ඩ්
1 min read
ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ සහ ක්රිෂ් සමාගමේ හිටපු අධ්යක්ෂිකා ජානකී සිරිවර්ධන ලබන 6 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම අද(23) නියෝග කළේය.
නඩුව කැඳවු අවස්ථාවේදි සිව්වැනි සැකකරු වන නාමල් රාජපක්ෂ විසින් ගොනු කර තිබු ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය මහේස්ත්රාත්වරයා විසින් අධිකරණයේදි කියවා දෙනු ලැබීය.
එම ඇප ඉල්ලීම මහේස්ත්රාත්වරයා විසින් ප්රතික්ෂේ කළේය.
