October 23, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සටන අත්හරින්නේ නෑ.. – පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනාහිමි..

1 min read

කොට්ටේ ක්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ සමස්ත බෞද්ධ භික්ෂූන් වහන්සේ වෙනුවෙන් ගත් වගකීම අත් නොහරින බව එහි අනුනායක කොටපිටියේ රාහුල නාහිමියෝ පැවැසූහ.

මහානායක ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (17) කෝට්ටේ රජ මහා විහාරයේදී කෝට්ටේ ක්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව රැස්වූ අතර, ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කොටපිටියේ රාහුල නාහිමියෝ, “අපේ සංඝ සභාව රැස්වුණේ ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ වෙනුවෙන්. එතැන කතාවෙච්ච දේවල් මාධ්‍යයට එකවර කියන්න යන්නේ නෑ. උන්වහන්සේ සහ සමස්ත භික්ෂූන් වෙනුවෙන් අපි පෙනී සිටිනවා. අපි ඒ වගකීම අත්හරින්නේ නෑ. සමස්ත බෞද්ධ ජනතාව සංස්කෘතිය සභ්‍යත්වය වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. අපේ ස්ථාවරය අපි වෙනස් කළේ නැහැ. අපේ සංඝ සභාව ඒ තීරණය මත දිගටම ඉන්නවා” යැයි පැවසූහ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x