June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ශ්‍රී ලංකාව දුප්පත්කමේ කරවටක් ගිලෙයි! ලෝක බැංකුව කියයි

1 min read

ශ්‍රී ලංකාවේ දුප්පත්කම බරපතළ ලෙස ඉහළ ගොස් ඇතැයි ලෝක බැංකුව පෙන්වා දෙයි. ඒ අනුව, 2024 වසරේ දී දරිද්‍රතා අනුපාතය 24.9% දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම, ජනගහනයෙන් තවත් 10% ක් ජීවත් වන්නේ දරිද්‍රතා රේඛාවට ඉතා ආසන්නයේ බවත් ලෝක බැංකුව අවධාරණය කරයි. ඒ අනුව, මේ වන විට ශ්‍රී ලංකාවේ ජනහණයෙන් 35%ක පමණ ප්‍රමාණයක් දරිද්‍රතා ුනුපාතය බවට පත්ව තිබිය හැකි බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

ලෝක බැංකුව පසුගිය 07 වැනිදා නිකුත් කරන ලද ‘‘ශ්‍රී ලංකාවේ සංවර්ධන යාවත්කාලීන කිරීම“ නම් වූ නවතම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ, අඩු ආදායම්ලාභී පවුල් ධනවත් පවුල් වලට වඩා ඔවුන්ගේ වියදම්වලින් තුන් ගුණයක් පමණ ආහාර සඳහා වෙන් කිරීම මෙන්ම ආහාර අනාරක්ෂිතභාවය තවමත් ඉහළ මට්ටමක පැවතීම මෙම තත්වය උග්‍ර වීමට හේතු වී ඇති බවයි.

රාජ්‍ය හා පෞද්ගලික යන අංශ දෙකේම වැටුප් වැඩි වෙමින් පැවතුන ද ඔවුන්ගේ සැබෑ ඉපයීම් 2022 වසරට පෙර වාර්තා වූ මට්ටමට වඩා අඩු මට්ටමක පවතින බවත්, ගෘහස්ථ මිල දී ගැනීමේ හැකියාව තවමත් අර්බුදයට පෙර මට්ටම කරා යථා තත්වයට පත්ව නෙමැති බවත් එම වාර්තාවේ සඳහන්ව තිබේ. එමෙන්ම 2026 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 3.5% දක්වා මන්දගාමී වනු ඇතැයි එම වාර්තාව වැඩිදුරටත් අවධාරණය කරනු ලැබ තිබේ.

ජනප්‍රිය පුවත්  නිවසක් සහ ෂෙඩ් එකක් ගත්තු මාලිමා ඇමති චාමර සම්පත් හෙළිකරයි!

තිලංග සමරසිංහ underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x