July 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නාගරික සහ ජාත්‍යන්තර පාසල් අවට මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ඉහළට

1 min read

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම නාගරික පාසල් සහ ජාත්‍යන්තර පාසල් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇති බව පොලිසිය පවසයි.

කොළඹ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා ප්‍රකාශ කළේ, විශේෂයෙන්ම බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් පාසල් ළමුන් අත්අඩංගුවට ගැනීම් සහ පාසල් අවට මත්ද්‍රව්‍ය පැතිරීම විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවය.

මේ වන විට ශ්‍රී ලංකා පොලීසිය විසින් ප්‍රජා පොලිස් නිලධාරීන් සහ සිවිල් බුද්ධි නිලධාරීන් යොදවා පාසල් අවට මත්ද්‍රව්‍ය වෙළඳාමේ නිරත වන සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු සූදානම් කරමින් පවතින බවද ඒ මහතා පැවසීය.

නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ මේ වන විට වයස අවුරුදු 21ට අඩු පුද්ගලයින් 8,459 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අතර පාසල් යන සහ නොයන වයස අවුරුදු 21ට අඩු ගැහැනු දරුවන් 161දෙනෙකු ද සිටින බවය.

විශේෂයෙන්ම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වන දරුවන්, නාගරික ප්‍රදේශවල අනාරක්ෂිත පවුල්වල දරුවන් මෙන්ම දෙමව්පියන් මත්ද්‍රව්‍යවලට හුරු වී සිටීම හෝ විදේශගත වීම වැනි හේතු නිසා ළමුන් විශාල වශයෙන් මත්ද්‍රව්‍යවලට ගොදුරු වී ඇති බවද ඒ මහතා සඳහන් කර සිටියේය.

ජනප්‍රිය පුවත්  කුණාටුව පෙනි පෙනී ජනපති සියතේ සැතපේ!

නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා වැඩිදුරටත් පැවසුවේ මෙලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින දරුවන් පුනරුත්ථාපනයට යොමු කිරීමට අවශ්‍ය සියලුම කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතින බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා,

“විශාල වශයෙන්ම බස්නාහිර පළාත කේන්ද්‍ර කරගෙන වැඩි වශයෙන්ම පාසල් ළමුන් අත්අඩංගුවට ගැනීම් සහ පාසල් අවට මත්ද්‍රව්‍ය පැතිරීම් වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන්ම ජාත්‍යන්තර පාසල් අවට මත්ද්‍රව්‍ය වෙළඳාම, නැත්නම් මත්ද්‍රව්‍ය ඇබ්බැහි වෙච්චි ප්‍රමාණය ජාත්‍යන්තර පාසල්වල වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන්ම සෑම දිස්ත්‍රික්කයකම නාගරික පාසල් අවට විශාල වශයෙන්ම මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වෙලා තියෙනවා. මේ වන විට ශ්‍රී ලංකා පොලීසිය වශයෙන් ප්‍රජා පොලිස් නිලධාරීන් සහ සිවිල් බුද්ධි නිලධාරීන් දාලා ඒ අවට වෙළඳාම් කරන සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය, නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් තිබෙනවා.”

“පාසල් ආශ්‍රිතව ගත්තහම විශාල වශයෙන්ම පාසල් අවුරුදු 21ට අඩු ළමුන් විශාල ප්‍රමාණයක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ළමුන් ගත්තහම 8,459 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.. මේ ඔක්තෝබර් 30 ආරම්භ කරන ලද රටම එකට ජාතික මෙහෙයුමත් එක්කම. මේකෙ කියන්න ඕන ගැහැනු දරුවන් 161ක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා අවුරුදු 21 ට අඩු. සමහරක් වෙලාවට පාසල් යන වෙන්නත් පුළුවන් නැත්නම් පාසල් නොයන වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ, ළමුන් අසමත් වුණොත් විශාල වශයෙන්ම මේ මත්ද්‍රව්‍යවලට පෙළඹීමක් දැකගත හැකියි. නාගරික ප්‍රදේශවල අනාරක්ෂිත පවුල්, ඒත් එක්කම දෙමව්පියන් මත්ද්‍රව්‍යවලට හුරුවෙලා තිබීම, නැත්නම් දෙමව්පියන් විදේශගත වීම වැනි කාරණා හේතු කරගෙන ළමුන් විශාල ප්‍රමාණයක් මේ වන විට මත්ද්‍රව්‍යවලට ගොදුරු වෙලා තිබෙනවා. ඒ ළමුන් මේ වන විට පුනරුත්ථාපනයට යොමු කිරීමට අවශ්‍ය සියලුම කටයුතු සිදු කිරීමට කටයුතු කරගෙන යනවා.”

ජනප්‍රිය පුවත්  2026දී රුපියල 8%කින් බාල්දු වෙලා.. 2025 දීත් 5.6%කින් බාල්දු වෙලා..- මහ බැංකුව

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x