June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ක්‍රිකට් බෝඩ් එක හම ගැසූ ජනපති යාපනයේදී ශම්මිව නළවයි!

1 min read

ශ්‍රී ලංකා ක්‍රිකට ආයතනයේ වියදමින් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩංගණයක් යාපනයේ ඉදිකිරිම සඳහා මුල් ගල් තැබීමට ගිය ජනාධිපති අනුර දිසානායක, ජනාධිපති වීමට පෙර ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි පෙරේරා හා අධ්‍යක්ෂ මණ්ඩලය නිර්දය ලෙස විවේචනය කළ වීඩියෝ පට මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරෙමින් තිබේ.

මුල්ගල් තැබීමෙන් අනතුරුව සිදු කරන ලද මහජන ඇමතීමේදී අනුර දිසානායක ජනාධිපතිවරයා ක්‍රිකට් ආයතනයේ සභාපතිගෙන්, එම ක්‍රීඩාංගණය විවෘත කරන දිනය සිනහ මුසු මුහුණින් විමසනු ලබයි. වාර්තා වන අන්දමට අනුර දිසානායක ජනාධිපතිධුරයට පත්වීමෙන් පසුව, ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරිකවරයා මැදිහත්ව ශම්මි පෙරේරා සහ ජනාධිපති අනුර දිසානායක සමීප හිතවතුන් බවට පත්කර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරයාගේ උපන්ගම් ප්‍රදේශය වන තඹුත්තේගම ප්‍රදේශයේද මෙවැනිම ක්‍රිකට් පිටියක් ඉදිකිරීමට ඔහු පොරොන්දු දී තිබේ.

ක්‍රිකට් ක්‍රීඩාව ගැන උනන්දුව දක්වන පිරිස් පවසන්නේ ශ්‍රී ලංකාවට හිඟ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණ නොව, ක්‍රිකට් ක්‍රීඩකයන් පහළ සිට ඉහළට රැගෙන ඒම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම බවයි. රටේ හතර කොන ක්‍රිකට් පිටි ඉදි කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව දියුණු වනු ඇතැයි බලාපොරොත්තු වීම මිත්‍යාවක් බවට එම පිරිසගේ අදහස වී තිබේ.

ජනප්‍රිය පුවත්  සාම සාකච්ඡා ප්‍රතික්ෂේප කරමින් ඉරාන ජනපතිගෙන් ප්‍රකාශයක්!

underground ක්‍රීඩා වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x