මීගමුව බන්ධනාගාරයේ ගැටුම විමර්ශනයට කමිටුවක්
1 min read
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා විමර්ශන කණ්ඩායමක් පත් කර ඇතිබව වාර්තා වේ.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් අදාළ විමර්ශන කණ්ඩායමක් පත් කළ බව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා සදහන් කරයි.
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ (05) පස්වරුවේ ගැටුමක් හටගෙන තිබුණි.
පොලීසිය පැවසූවේ, රිමාන්ඩ් භාරයේ සිටින රැඳවියන් පිරිසක් සහ දඩුවම් ලබා බන්ධනාගාරගත කර සිටින රැඳවියන් පිරිසක් අතර මෙම ගැටුම සිදුව ඇති බවය.
ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු මියගිය අතර තවත් රැඳවියන් 34දෙනෙකු තුවාල ලබා මීගමුව දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කළ බව වාර්තා වේ.
ඒ අතර බරපතළ තුවාල ලැබූ රැදවූවන් දෙදෙනකු කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යැවූ බව ද සදහන්ය.
