කියෙව් නුවරට එල්ල වූ ප්‍රහාරයකින්10ක් මරුට
1 min read
රුසියාව විසින් යුක්‍රේනයේ අගනුවර වන කියෙව් (Kyiv)වෙත දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර රැසක් එල්ල කර තිබේ.
ඊයේ (01) රාත්‍රී කාලයේ එල්ල කළ මෙම ප්‍රහාරවලින් ළමුන් ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇත.
රුසියාව හිතාමතාම නේවාසික ප්‍රදේශ ඉලක්ක කර ඇති බව යුක්‍රේන බලධාරීන් පවසයි.
ප්‍රහාරය හේතුවෙන් නිවාස, ගිලන්රථ මධ්‍යස්ථානයක් සහ හෝටලයක් ඇතුළු ගොඩනැගිලි රැසක් විනාශ වී ගිනිගෙන ඇත.
