June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ආර්ථිකය අනතුරේ ! රුපියල වතුරේ !

1 min read

මනෝවිද්‍යාත්මක උපක්‍රම මගින් හා බැංකුවලට පීඩනය එල්ල කිරීම මගින් ඇ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 350 ඉක්මවා අවප්‍රමාණය වෙද්දී තාවකාලික පාලනයකට නතු කරගත්ත ද, එම කෘතිම පාලනය අසාර්ථක බව මනාව තහවුරු කරමින් මේ වන විට නැවතත් රුපියල වේගයෙන් අවප්‍රමාණය වෙමින් තිබේ. ඒ අනුව අද (06) උදෑසන වන විට ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල විනිමය අනුපාතිකයන්ට අනුව රුපියලේ විකුණුම් මිල රුපියල් 340 – 343 අතර අගයක් දක්වා ඉහල ගොස් තිබේ. අද දවස තුළ ද මෙය තවදුරටත් අවප්‍රමාණය වනු ඇතැයි මූල්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති.

ඔවුන් පෙන්වා දෙන්නේ, රුපියලේ විකුණුම් අගය “කළු” වෙළඳපොලේ රු. 350 ඉක්මවා ඇති බැවින් ඉතා කෙටි කාලයක් තුළ නිල වෙළඳපොලේද රුපියලේ විකුණුම් අගය රු. 350 ඉක්මවා යනු ඇති බවයි.

2022 දරුණු ආර්ථික අර්බුදය හමුවේ, එවකට ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපතිව සිටි මිලින්ද මොරගොඩ සිදු කරන ලද නොමග යැවීමක ප්‍රතිඵල ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රුපියල නිදහසේ පා කර හරින ලෙස එකල මහබැංකු අධිපතිව සිටි අජිත් නිවාඩ් කබ්රාල්ට බල කළේය. ඒ අවස්ථාවේදී ද රුපියල වේගයෙන් අවප්‍රමාණය වූයේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය රුපියල් 360 මදක් ඉක්මවන අගයක් දක්වාය. මේ අවස්ථාවේදී ද රුපියල ලක්ව ඇත්තේ එවැනි අනතුරුදායක පිරිහීමකට බව මූල්‍ය විශේෂඥයන්ගේ මතය වී තිබේ.

ජනප්‍රිය පුවත්  ආර්ථිකය අනතුරේ ! ජනපති සැලේ ! නන්දලාල් ඉවතට ?

මේ හේතුව මත ආනයනික භාණ්ඩ හා සේවා සඳහා වැඩි රුපියල් ප්‍රමාණයක් වැය කිරීමට සිදුවීමත්, එමඟින් උද්ධමනය විශාල ලෙස ඉහළ යාමත්, විශේෂයෙන් මධ්‍යම පන්තියේ ජීවන පැවැත්ම බරපතල ලෙස කඩාවැටීමට ලක්වීමත් සිදුවනු ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

එමෙන්ම, ස්ථාවර වැටුප් ලබන්නන්ද දරුණු පීඩනයකට මෙමගින් ගොදුරු වේ. තමන්ට ලැබෙන වැටුපෙන් දෛනික ජීවිතය නඩත්තු කර ගැනීමේ නොහැකියාවකට මේ තත්වය යටතේ ස්ථාවර වැටුප් ලබන්නන් පත්වේ.

කෙසේ වෙතත්, මෙම තත්වය පාලනය කිරීමේ කිසිදු හැකියාවක් නොපවතින ඉරණමකට ආණ්ඩුව ඇද වැටී තිබේ. රුපියල මෙලෙස අවප්‍රමාණය වන විට, විදේශ විනිමය උපයාගත් ව්‍යාපාරිකයන් පවා ඒවා වෙළඳපොළට නොගෙන ඒමත්, උන්ඩියල් වැනි වැඩි ලාභදායී ක්‍රම මගින් මුදල් හුවමාරුවට මාරු වීමත් සිදු වේ. එමගින් තත්වය තවත් නරක අතට හැරෙනු ඇත.

දැනටම මහබැංකුව විසින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දන්වා ඇත්තේ ඉන්ධන ගෙන ඒමට අවශ්‍ය ඇමරිකානු ඩොලර් ප්‍රමාණය තමන් විසින්ම සොයා ගත යුතු බවයි. බොහෝ වෙළඳපොළ චලනයන් විමර්ශනය කරන්නන් පවසන්නේ අගෝස්තු පමණ වන විට ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගැනීම අභියෝගයකට ලක්වනු ඇති බවයි.

ජනප්‍රිය පුවත්  පැලවත්තේ විශේෂ ඝාතන කල්ලියක් !

මෙම තත්වය පිළිබඳව තැතිගැනීමකට ලක්ව සිටින ජනාධිපතිවරයා මේ වන විට මේ සඳහා ගත හැකි පියවර පිළිබඳව සලකා බලමින් තිබේ. එහෙත් සෑහීමකට පත් විය හැකි පිළිතුරක් මෙතෙක් සපයාගැනීමට ඔහු සමත්ව නැත.

මෙම ආර්ථික කුණාටුව සමඟ බැඳී බරපතල දේශපාලන කුණාටුවක් ද නිර්මාණය වීම නියත බව බුද්ධි අංශ විසින් ජනාධිපතිවරයා දැනුම්වත් කර තිබේ. ඉන්දීය බුද්ධි අංශ මගින්ද ඇතිවීමට නියමිත දේශපාලන කුණාටුව පිළිබඳව අනතුරු අඟවා තිබේ.

මෙම තත්වය හමුවේ තෝරාගැනීමට ඇති විකල්ප පිළිබඳ ජ.වි.පෙ ඉහළ පෙළේ නායකත්වය තුළ ද සාකච්ඡා සිදු කෙරෙමින් තිබේ. පසුගිය දිනවල පැවැති එබඳු සාකච්ඡා කිසිවකට ජනාධිපති අනුර කුමාර සහභාගි වී නැත.

මහජන පීඩනය පුපුරා යන තත්වයකදී පක්ෂය ආරක්ෂාකරගැනීම එම සාකච්ඡාවන්හි ප්‍රධානතම අරමුණ වී තිබේ. එහිදී සලකා බලා ඇති එක් විකල්පයක් ලෙස වාර්තාවන්නේ, පක්ෂය බේරා ගැනීමට සියලු වගකීම ජනාධිපතිවරයා පිටින් යැවිය යුතු නම්, එසේ සිදු කර හෝ පොදුවේ පක්ෂයේ ආරක්‍ෂාව සනාථ කළ යුතු බවයි. ජ.වි.පෙ. බොහෝ ප්‍රධානින්ගේ අදහස වී තිබෙන්නේ ඉහලපෙලේ ව්‍යාපාරික වලල්ලක ගොදුරක් බවට ජනාධිපතිවරයා පත්වීම මෙම ආර්ථික අවපාතය වේගවත්වීමට හේතු වූ බවයි. මෙම ව්‍යාපාරික වලල්ල පිනවීම සඳහා ගත් වැරදි ආර්ථික තීරණ වත්මන් විදේශ විනිමය අර්බුදයට සෘජුවම බල පා ඇතැයි ඔවුහු විශ්වාස කරති.

ජනප්‍රිය පුවත්  විනිසුරු විශ්‍රාම වයස දික්කිරීම සම්බන්ධයෙන් අධිකරණ සේවා සංගමය දෙකට බෙදේ ! සභාපති ජනපතිට කළ ප්‍රකාශය සංගමයේ නිල මතය නොවන බව කියයි !

මේ අතර, 2026 වසරේ මුල් මාස 4 තුළ මෙරට ප්‍රධානතම අපනයන භාණ්ඩ වන ඇඟලුම් සහ තේ සඳහා ලැබුණු ආදායම් පිළිවෙලින් සියයට 7 කින් සහ සියයට 6 කින් පහත වැටී ඇතැයි ලංකා වාණිජ මණ්ඩලය පවසයි. පසුගියදා ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව ද ඇතුලත්ව රටවල් ගණනාවකට බලපාන පරිදි පනවන ලද 12.5% බද්ද විසින් තවත් මෙම අපනයන ආදායම පහළ වට්ටනු ඇතැයි ලංකා වාණිජ මණ්ඩලය අනුමාන කර තිබේ. එම මණ්ඩලය නිකුත් කර තිබෙන නිවේදනයක සඳහන් වන්නේ, “මෙම අතිරේක බදු බර නිසා ජාත්‍යන්තර වෙළඳපොල තුළ ලංකාවේ ප්‍රධාන අපනයන ක්ෂේත්‍රයන් හි තරගකාරී හැකියාව අභියෝගයකට ලක්වීමේ දැඩි අවධානමක් පවතින” බවයි.

කෙසේ වෙතත්, ආණ්ඩුවේ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසන්නේ රුපියල අවප්‍රමාණයවීම ආර්ථික අර්බුදයක් නොවන බවයි.

  • කමල් කරුණාතිලක –

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x