June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කැරපොත්තෝ !

1 min read

“සමහර වැඩක් කරන්නේ නැති තරුණ කොල්ලො කෙල්ලො කැරපොත්තන් බවට පත් වෙනවා. ඔවුන් විරෝධතාකරුවො, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයො RTI කැම්පේන්කාරයො වෙලා පද්ධතියට පහර දෙනවා”

මෙහෙම කියන්නේ ඉන්දියාවේ අගවිනිසුරු සූර්ය කාන්ත් ය. එහේ සූර්ය කාන්ත් මෙසේ කීවාට මෙහේ සූරසේන එසේ කියන්නේ නැත. මෙහේ සූරසේනට එහේ සූර්ය කාන්ත්ට තේරෙන දේ තේරෙනවානම් අධිකරණ අමාත්‍යාංශයට අයත් මල්වානේ මන්දිරයට බලෙන් ඇතුළු වී කකා බිබී ගයා වයා ඉන්නට විශ්ව විද්‍යාල “කැරපොත්තන්ට” හැකි වන්නේ ද නැත. නීතිය බල්ලට දමා සිදුකෙරෙන මේ කැරපොතු නාඩගමට පැරැන්නෝ කියන්නේ මල්වානේ නාඩගම කියාය.

“මල්වානේ නාඩගම” මෙරට සම්ප්‍රදායික නාඩගම් කලාව හා බැඳුණු ජනවහරේ එන උපහාසාත්මක යෙදුමකි. කිසිදු ක්‍රමවේදයක්, සැලසුමක් හෝ අවසානයක් නොමැතිව දිගින් දිගටම ඇදී යන පැටලිලිසහගත ක්‍රියාවන් හෝ සිදුවීම් හඳුන්වන්නට මේ යෙදුම භාවිතා වේ.

පැරණි නාඩගම් කලාව සාමාන්‍යයෙන් එක රැයකින් නිමා නොවේ. එය රාත්‍රී 3 සිට 7 දක්වා කාලයක් පුරාවට නොනවත්වා කරළියේ රඟ දැක් වේ. මල්වාන ප්‍රදේශයේ පැවති නාඩගම් පට්ට දීර්ගය, අවුල් සහගතය, ඒ නිසා යමක් සිදුවන්නේ අවුල් සහගතව නම් මිනිස්සු කීවේ “ඕක මල්වානේ නාඩගමක්” කියා ය.

ජනප්‍රිය පුවත්  ජාතික කුඩය ඉස්සීම

ඉන්දියාවේ අගවිනිසුරුතුමා පෙන්වා දෙන පැලවත්තේ කැරපොත්තෝ ‍රැළක් දැන් ඉන්නේ අධිකරණ අමාත්‍යාංශයට අයත් දේපළකට අනීතිකව ඇතුල් වෙලාය. එසේ සිටින ගමන් ඒ කැරපොත්තෝ කට වාචාලකම් දොඩවන්නේ, මෙබඳු දේපළ ඇති සෑම තැනකටම ගොස් ඒවා තමන් භාරයට පත් කර ගන්නා බවය. පොලීසිය නිහඬය. අධිකරණ ඇමතිලා ගොළුය. නීතිය නිසලය. පටේ පට්ට ය.

ජනාධිපති අනුර කුමාරුවෝ “නීතිය කාටත් එක සමානය” කීවේ ඊයේ පෙරේදා මාතලේ දී ය. එසේ කියා කටවහගන්නටත් පෙර පැලවත්තෙන් නටවන මේ සරසවි කැරපොත්තෝ අතට අරන් කටට දමා ගත්තේ නීතිය ය. ජංගි ගලවා ජනාධිපතිගේ ප්‍රකාශයට පස්ස පෙන්නා රෑට බජව් දමමින් ද චිත්‍රපට නරඹමින් ද කැරපොතු රැළ සමූහ දූෂණය කරමින් ඉන්නේ නීතියේ ආධිපත්‍ය ය.

ජනතාවගේ බදු මුදලින් මේ කැරපොත්තන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේ ලබා දෙන්නේ කොහේවත් තියෙන මන්දිර වටලන්නට ද? නීතිය අතට ගන්නද? කැලෑ නීතිය රජකරවන්නටද? මුන්ට රටේ ජනතාවගේ බදු මුදලින් මහපොළ දීමනා දෙන්නේ “මල්වානේ නාඩගම්” පෙන්නන්නට ද?

ඉන්දියාවේ අගවිනිසුරු හරියටම හරිය. මුං කකා ඉන්නේ පද්ධතිය ම ය. “සිස්ටම් චේන්ජ්” කියා කියා මුන් කරන්නේ තියෙන “සිස්ටම්” පවා නැති කර දැමීම ය. මෙහෙවු කැරපොත්තන් එළවා දමන්නට නීතියේ ආධිපත්‍යය ගැන පම්පෝරි ගහන එක බුවෙක්වත් ඇත්තේ නැත. පුනරුදය යටතේ වන සිරි ලංකාව පට්ට ආතල් ය !

ජනප්‍රිය පුවත්  උස මිට්ටෝ

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x