June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මත්ද්‍රව්‍ය සිද්ධියට හසුවූ චීවරධාරීන්ට උපැවිදිවන ලෙස ඉල්ලීමක්

1 min read

තායිලන්තයේ සිට මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින චීවරධාරීන් 23දෙනාට උපැවිදිවන ත්‍රෛයිනිකායික ලේඛකාධිකාරී හිමිවරු විසින් එම චීවරධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

වෙල්ලස්ස, බින්තැන්න, නැගෙනහිර තෙපලාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ සංඝකීර්ති ශ්‍රී සරණංකර දේවරක්ඛිත පූජ්‍ය මහඔය ජිනරතන ස්වාමීන් වහන්සේ පිළිගැනීම සඳහා ඊයේ (15) පැවති පිංකමට වැඩමකළ අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී, ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ මේ බව පැවසූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන් වහන්සේ පවසා සිටියේ, එම චීවරධාරීන්ට කැමැත්තෙන් සිවුරු අත්හරින ලෙස යෝජනා කළ බවත්, නිර්දෝෂී වුණොත් යළි පැවිදි කිරීමට අවසර ලබාදෙන බවත් පැවසූ බවය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි,

“අපේ සංඝ සමාජය හැටියට අපිට විශාල අර්බුදයක්, කොහොමද මේ වැරදි කරන පුද්ගලයෝ සසුනෙන් නෙරපන්නේ කියන එක.

ඊයේ පෙරේදා යම් සිද්ධියකට මුහුණ දුන් 23 දෙනෙක් සිරගතව ඉන්නවා. ජනාධිපතිතුමාත්, නීතිපතිතුමාත් එක්ක සාකච්ඡා කරලා ත්‍රෛයිනියාකිය ලේඛකාධිකාරී හාමුදුරුවරු එම 23 දෙනා හමුවීමට ගිහින් සාකච්ඡා කළා.

ඔබ වහන්සේලාගේ කටයුතුවලින් ශාසනයට විශාල අපවාදයක්…මේ රටට පමණක් නෙමෙයි ජාත්‍යන්තර වශයෙනුත් අපිට සිද්ධ වෙලා තිබෙනවා කියා දැනුම්දුන්නා.

ජනප්‍රිය පුවත්  මාලිමා මන්ත්‍රී චන්දන සූරියආරච්චි DO වෘත්තීය සමිති එකමුතුවෙන් පන්නයි !

ඒ නිසා කැමැත්තෙන් සිවුරු අරින්න, නිර්දෝෂී වුණොත් ආපහු ඔය විදිහටම පැවිදි කරන්නන්. සිවුර දරාගෙන ඔළුව වහගෙන පෝලිම් ගැහිලා අධිකරණයට යන්න ගියහම බෞද්ධයෝ කලකිරෙනවා කියලා දැනුම්දුන්නා.

එතන හතර පස් දෙනෙක් කැමති වුණේ නෑ. එතන සාමණේර අය බොහෝ පිරිසක් සිටියේ. ඉතින් ඒ අය යම් පෙළඹවීමකට ගොදුරු වී තිබූ බවයි අපිට දැනුනේ” යැයි උන් වහන්සේ පැවසූහ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x