June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රනිල්ගේ අනාවැකිය හරි… IMF වාර්තාවක් තහවුරු කරයි!

1 min read

ශ්‍රී ලංකාවට ලබන වසරේ සියයට 4.2 ක සැලකිය යුතු ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගනු ඇතැයි අපේක්ෂා කරන නමුත් දිට්වා සුළි කුණාටුවෙන් ඇති වුණු බලපෑම හේතුවෙන් අත් කරගත හැකි වන්නේ සියයට 2.9ක මන්දගාමී ආර්ථික වර්ධන වේගයක් බව ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර තිබෙනවා.

එමෙන්ම ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ නවතම වාර්තාවෙන් පෙන්වා දෙන ආකාරයට මෙරට ජංගම ගිණුමේ හිඟය ඉදිරි මාස 12 දී ඇමරිකානු ඩොලර් මිලියන 720කින් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 22,674කින්) වැඩි වෙනු ඇති බවයි සඳහන් වන්නේ.

ඇතැම් ආහාර ද්‍රව්‍ය හිඟවීම හේතුවෙන් සියයට 30ත් 200ත් අතර ප්‍රමාණයකින් එම ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යනු ඇතැයි එම වාර්තාව පවසනවා.

එමඟින් මේ වන විටත් ශ්‍රී ලංකාවට උද්ධමන පීඩනයක් එල්ල වී තිබෙන බව ද ලබන වසරේදී මෙරට සාමාන්‍ය උද්ධමනය සියයට 5.4 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කර එම වාර්තාව පෙන්වා දෙනවා.

මෙම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ගමනට දිට්වා සුළි කුණාටුව බාධා එල්ල කර ඇති බවත් බාහිර හා ණය තිරසර භාවය පිළිබඳ අවදානම් තත්ත්වය ඉහළ නංවා ඇති බවත් ය.

ජනප්‍රිය පුවත්  විගණකාධිපතිකමටත් කැලනි සගයෙක්!

මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 11%කට පමණ දායකත්වය ලබා දෙන්නේ කෘෂිකර්මය සහ සංචාරක ව්‍යාපාරයයි. ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් කෘෂිකර්මාන්තයට හා සංචාරක ව්‍යාපාරයට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී ආහාර ආනයනය කිරීම සැලකිය යුතු මට්ටමකින් ඉහළ යනු ඇති අතර කෘෂිකාර්මික අපනයන පහළ යනු ඇති බවයි වාර්තාව වැඩිදුරටත් පෙන්වා දී තිබෙන්නේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එළැඹෙන අලුත් අවුරුදු සමය වන විට ආර්ථිකය යළිත් කඩා වැටීමට නියමිත බවට මේ වන විට පුරෝකථනය කර තිබෙනවා.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x