කොළඹ නගරයේ අධික ජන ඝනත්වය හේතුවෙන් ක්ෂය රෝග ව්යාප්තිය ඉහළට: සෞඛ්ය අමාත්යවරයා මැති සබයේදී කියයි
1 min read
කොළඹ නගරයේ පවතින අධික ජන ඝනත්වය වසර ගණනාවක් පුරා ක්ෂය රෝගය (Tuberculosis) ව්යාප්ත වීමට ප්රධාන වශයෙන් බලපා ඇති බව සෞඛ්ය අමාත්ය නලින්ද ජයතිස්ස අද (23) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
පාර්ලිමේන්තු මන්ත්රී මුජිබුර් රහුමාන් යොමු කළ වාචික ප්රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්ය අමාත්යවරයා සඳහන් කළේ, කොළඹ නගරයෙන් 2019 වසරේදී ක්ෂය රෝගීන් 871 දෙනෙකු වාර්තා වී ඇති අතර, එය 2020 දී 736 දක්වා පහත බැස ඇති බවයි.
කෙසේ වෙතත්, 2021 වසරේදී එම සංඛ්යාව 796 දක්වා නැවත ඉහළ ගොස් තිබෙනවා.
අනතුරුව වාර්තා වූ රෝගීන් සංඛ්යාව 2022 වසරේදී 1,093 දක්වාත්, 2023 වසරේදී 1,130 දක්වාත් ඉහළ ගිය බව පෙන්වා දුන් අමාත්යවරයා, 2024 වසරේදී එය 1,064 දක්වාත් 2025 වසරේදී 968 දක්වාත් පහත වැටී ඇති බව ප්රකාශ කළා.
රෝගය ආසාදනය වූ ඇතැම් පුද්ගලයින් නිසි පරිදි වෛද්ය ප්රතිකාර සඳහා යොමු නොවීම රෝගය තවදුරටත් ව්යාප්ත වීමට ප්රධාන හේතුවක් වී ඇති බව අමාත්යවරයා වැඩිදුරටත් අවධාරණය කළ අතර, කෙසේ වෙතත්, පසුගිය 2025 වසරේදී කොළඹ නගරයෙන් වාර්තා වූ ක්ෂය රෝගීන් සංඛ්යාවේ යම් අඩුවීමක් පෙන්නුම් කරන බව ද සෞඛ්ය අමාත්යවරයා මෙහිදී පෙන්වා දුන්නා.
