“කඩිනම් සංවර්ධන වැඩපිළිවෙළ තමයි දවසකට දෙක බැගින් අත්අඩංගුවට ගන්න එක.. ඒකෙන් තමයි ජීවත් වෙන්නේ.. වෙන කිසිම වැඩ පිළිවෙලක් නැහැ” – විමල් වීරවංශ
1 min read
වර්තමාන රජයේ වැඩපිළිවෙල වන්නේ දවසට දෙදෙනා බැගින් අත්අඩංගුවට ගැනීම බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
ඔහු මේ පිළිබඳව පවසා සිටියේ මාධ්‍යවේදීන් නැගූ පැනයට පිළිතුරු ලබා දෙමින්.
වැඩිදුරටත් අදහස් දැක් වූ හිටපු අමාත්‍යවරයා,
”කඩිනම් සංවර්ධන වැඩපිළිවෙළ තමයි දවසකට දෙක බැගින් අත්අඩංගුවට ගන්න එක. මොකක් හරි චෝදනාවක් දාලා ගන්නවා. ඒකෙන් තමයි ජීවත් වෙන්නේ. වෙන කිසිම වැඩ පිළිවෙලක් නැහැ.
රජයේ සේවකයන්ට හීන හැදුවේ තමාගේම වෙච්ච වාහනයක් ගන්න පුළුවන් අනාගතයක් හදනවා කියලා. හැබැයි දැන් අන්තිමට හාල් කිලෝ විස්සක් ණයට දෙන තත්වෙට පත්වෙලා තියෙනවා. මේ රටේ රජයේ සේවකයා තමයි පොකුරු පිටින් ගිහින් තැපැල් ඡන්දෙ පෝලිමේ දුන්නේ. අද ඒ මිනිස්සු තමයි හොරකම් කරනවා කියලා ලාල්කාන්ත ඇමති ප්‍රසිද්ධියේ කියන්නේ. එතකොට මේ තරම් රජයේ සේවකයන්ට අවමන් සහගත ලෙස ප්‍රතිචාර දක්වන පාලනයක් මීට පෙර නිර්මාණය වෙලා නැහැ. මේ තමයි ඒ අතින් කැතම පාලනය.”
