හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, 11 දෙනෙක් පැහැරගත් නඩුවේ සැකකරුවකු ලෙස නම් කරයි..
1 min read
තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවකදී, හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සැකකරුවෙකු ලෙස නම් කර තිබේ.
ඒ අනුව ලබන ජූලි 27 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමිනුයි ඔහු වෙත සිතාසි නිකුත් කර ඇත්තේ.
