ශ්‍රී ලංකන් යානය රෝමයට ගියේ පීඩාවට පත් මගීන් වෙනුවෙන්ලු!
1 min read
රෝමය බලා විශේෂ ගුවන් යානයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම පියවර ගෙන ඇත්තේ පීඩාවට පත්ව එහි සිටින මගින් මෙරටට රැගෙන ඒමට බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.
ඒ අනුව UL 1213 දරන විශේෂ ගුවන් යානය අද(09) දින කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට ඉතාලියේ රෝම ෆියුමිසිනෝ ගුවන්තොටුපළ බලා පිටත්ව ගොස් ඇත.
එයාර් බස් A330-343 වර්ගයේ ගුවන් යානයක් මෙම විශේෂ ගුවන් ගමන සඳහා යොදවා ඇති අතර අතරමං වූ මගීන් පිරිසක් වෙනුවෙනු මෙම ගුවන් යානය ක්‍රියාත්මක කර ඇති බව ඔවුන් පවසයි.
ගෝලීයව පසුගිය දින කිහිපය පුරා විවිධ ගුවන් සේවාවන්හි ගුවන් ගමන් වාර අවලංගු වීම හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව සිටි ගුවන් මගීන් පිරිසකට මෙමගින් සිය ගමනාන්ත වෙත ළඟා වීමට අවස්ථාව සලසා දී ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් රෝමය බලා සිදුකරනු ලබන සිය නිත්‍ය ගුවන් ගමන් වාර 2016 වසරේ මැයි මාසයේ සිට අත්හිටුවා තිබූ පරිසසරයක මෙම ගුවන් වාරය ක්‍රියාත්මක වීම විශේෂත්වයක් වන අතර වසර දහයකට ආසන්න කාලයකට පසුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් රෝමය වෙත ගමන් කිරීම සුවිශේෂී සිදුවීමක් බවත්, ඔවුන් පවසයි.
කෙසේ වෙතත් විශ්වාස කටයුතු ආරංචිමාර්ගවලින් සහ සමාජ මාධ්‍ය තුලින් දැන ගැනීමට ලැබෙන්නේ මෙම ගුවන් යානය ඉතාලිය බලා පිටත්ව ගොස් ඇත්තේ විදේස් සංචාරයක නිතරව සිටින බිමල් රත්නායක අමාත්‍යවරයා රැගෙන ඒම සදහා මෙම ගුවන් යානය පිටත්ව ගොස් ඇති බවයි.

පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!
