April 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඡන්ද ලකුණ

1 min read

මේ තියෙන්නෙ ඉහළට දිගහැර පෙන්වන මැද ඇඟිල්ලකි. ඒ මැද ඇඟිල්ල අයත් වන්නේ අතකට ය. ඒ අත අයත් වන්නේ ආණ්ඩුවේ අධිකරණ ඇමැති හර්ෂන නානායක්කාරට ය. ඔහු මේ අභිනය කර පෙන්වූයේ පාර්ලිමේන්තුවේදී තමන් ඉදිරිපස සිටින විපක්ෂයට ය. විපක්ෂයේ මන්ත්‍රීවරු ඒ ගැන ගරු ගලානායකතුමාට දැන් වූ බව නම් මතකය.

225 ම හොරු යැයි කියා වල් පැල ගලවා මල් පැල හිටවූ මහා ශ්‍රමදානයෙන් අනතුරුව අප දැන් දකින්නේ මෙබඳු හස්ත මුද්‍රාවන් ය. ඒ මල් පැල පාර්ලිමේන්තුවට පැමිණ වසරක් ගතවන විට ය.

ඇතැම් මල් පැල වල්පැල තරම්වත් වටින්නේ නැත. වල් පැල නම් ශාක භක්ෂක සතෙකු හෝ ආහාරයට ගනී. සමහර මල් පැලවල හැදෙන මල් වෙතින් කුඩා මී මැස්සෙකුවත් රොන් උරා බොන්නේ නැත. ඒවා ඔහේ පිපී ඔහේ පරවී යයි. මල් පැල වල් පැල වලටත් වඩා පහතට වැටෙන්නේ එවිට ය.

හර්ෂණලා මේ හස්ත මුද්‍රාව දැන් අධිකරණයට ද පෙන්වා අවසන් ය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමේ සිටින හිටපු විනිසුරු ලොක්කා, තමන් හමුවන චූදිතයා කැඳවා ඔහු විසින් දිය යුතු කට උත්තරයේ සඳහන් විය යුතු නම් කියන්නේ මේ හස්‍ත මුද්‍රාවට අනුව ය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් දික් කරන්නට යන්නේ ද මේ හස්‍ත මුද්‍රාව ශ්‍රේෂ්ඨාධිකරණයේ ලාංඡනය බවට පත්කරමින් ය. ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ සහ යහපත් රාජකාරී දිවියකට හිමිකම් කියන විනිසුරුවන් ඈතට විසිකර දන්නා කියන ඇච්චෝ බැච්චෝ උසස් වීම් ලබා දී ඉහළ අධිකරණ පුටුවල වාඩි කරවූයේ ද මෙකී හස්ත මුද්‍රාව රටටම පෙන්වමින් ය. මෙසේ කියන්නට ගියහොත් තව බොහෝ කියන්නට අපට හැකිය.

ජනප්‍රිය පුවත් 

හිතාගෙන හිතාගෙන ගියාම අපට හිතෙන්නේ මේ හස්ත මුද්‍රාව ජාතික ජන බලවේගය ඡන්ද ලකුණට ගැලපෙන බව ය. අරින ඇරිල්ලේ හැටියට හරියටම හරි යන ඡන්ද ලකුණ “Fuck You” මය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x