කැලනි පෙම
1 min read
මේ ඉන්නේ අනුර කරුණාතිලකය. සුරතලයට මොහුට කියන්නේ කැලණි කරූ කියාය. මේ කරූ අන් සියලු කරූලාට වඩා භාග්‍යවන්තය. කැලණිය සරසවියේ ඉගෙනුම ලත් අනුර දිසානායකගේ ආණ්ඩුවේ වැඩිම වාසනාවන්තයා වී ඇත්තේ කැලණි කරූය.
අනුර කරුණාතිලකව “කැලණි කරූ” යනුවෙන් හඳුන්වන්නේ ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේම ඉගෙනුම ලබා එම සරසවියේම ගණිතය දෙපාර්තමේන්තුවේ කාර්මික ගණිතය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස සේවය කළ නිසාය.
අනුර කුමාරගේ ආණ්ඩුවේ වැඩිම සැලකිල්ල ලැබුනේ මේ අනුර කරුණාතිලකටය. ඔහු එකවර වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ධුරය ද, ඊට අමතරව බලශක්ති අමාත්‍ය ධුරය ද දරනු ලබන්නේය. මේ අමාත්‍යාංශ සියල්ල “බල නහර කැපෙන සුළු” අමාත්‍යාංශය.
ජ.වි.පෙ. කතාව තුළ කවුරුවත් මේ අනුර කරුණාතිලක ගැන දැනගෙන සිටියේ නැත. අනුර කරුණාතිලක හෙවත් “කැලණි කරූ” පාර්ලිමේන්තුවට ආවේ ජාතික ලැයිස්තුවෙන්ය. එයද ලැබී ඇත්තේ පෙර පිනකට ය. එසේ ජාතික ලැයිස්තුවෙන් ආ ඔහුට ලැබෙන්නේ බලවත් අමාත්‍යාංශ දෙකකි. එකක් වරාය හා ගුවන්සේවා ය. අනෙක බලශක්ති ය. මේවා මේ ලෙස අනුරට දෙන්නේ ජ.වි.පෙ. පැරැන්නන් වූ නිපුනආරච්චිලා වේලි වේලි මන්ත්‍රීකමේ තවදුරටත් ඉන්න තත්වයක් තුළ ය. “උගන්ඩා කුමාරි” ද නියෝජ්‍ය ඇමැති කට්ටක්වත් නොමැතිව අසරණව ඇති විටය. මෙහෙම කියන්නට ගියහොත් නම් හැටහුටාමාරක් වුව කියන්නට පුළුවන් ය.
ඔවුන්ට එසේ සලකා ජනාධිපති අනුර, කැලණි කරූට මෙසේ සලකන හේතුව කුමක් ද? වැදගත් වන්නේ ඒ ප්‍රශ්නයට ලැබෙන සැබෑ පිළිතුර ය.
ජනපති අනුර සහ මේ “කැලණි කරූ” නැමැති අනුර අතර ඇත්තේ රස රහසකි. එය ගුරු-ගෝල සබඳතාවක කැත නිදසුනකි. කතාව මේකය.
කැලණි සරිසවියෙන් උපාධිය ලද තිස්ස ජනනායක උපකාරක පන්ති දවසක කී කතාවක් මෙහිදී ඔබේ මතකයට නැගිය යුතුය. එදා තිස්ස ජනනායක කීවේ, නේවාසිකාගාරයේ තම කාමරයේම සිටි අනුර කුමාර විශ්ව විද්‍යාල සිසුවා, අධ්‍යයන කටයුතු මගහැර, රාත්‍රී ජනේලයෙන් පැන ගොස් දේශපාලන වැඩම සිදු කර නැවත පැමිණෙන බවය. එහි සරල අදහස නම් අනුර කුමාර ඉගෙනුමට බර තැබුවේ නැත යන්නය.
එහෙත් එසේ වූ අනුර ඉතා හොඳින් උපාධිය අරගත්තේය. එහි කිසිදු අවුලක් තිබුණේ නැත. එහෙම වූයේ කෙසේද?
“කැලණි කරූ” අදාළ වන්නේ මෙන්න මෙතැනටය. අනුර කුමාරට ඉගැන්වූ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයා වූයේ මේ අනුර කරුණාතිලකය. විශ්ව විද්‍යාල විභාගවලදී අනුර කරුණාතිලක අනුර කුමාරට ලබා දුන්නේ අමුතුම උපකාරයකි. ඒ, ප්‍රශ්න පත්තරයේ ඇති ප්‍රශ්නවලට දෙන උත්තර ටික අනුර කරුණාතිලක පැන්සලකින් කොලයක ලියා අනුරට ලබාදීමය. අනුර කරන්නේ පැන්සලෙන් ලියා ඇති උත්තරය “බෝල් පොයින්ට්” පෑනෙන් ලියා, පසුව පැන්සලෙන් ලියා තිබූ “කැලණි කරූ” දුන් උත්තරය මකා දැමීමය. තිස්ස ජනනායක නොදත් නමුත් අනුර කුමාර ඉහලින්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ගොඩ ගියේ ඒ අන්දමටය.
කොහොම උණත් ජනාධිපති අනුර කුමාර, ජනාධිපති වූ පසු ආ මහමැතිවරණයේ ජාතික ලැයිස්තුවට අනුර කරුණාතිලකව දැම්මේ කළ ගුණ සලකන්නටය. දැම්මා පමණක් නොව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ද ගත්තේ ඒ වෙනුවෙන්ම ය. ඉනුදු නොනැවතී, බරපතල අමාත්‍යාංශ දෙකක වගකීම අනුර කරුණාතිලකට ලබා දී ඇත්තේත් ඒ හන්දාය. එහෙම බැලුවාම, තම සිසුවකුට හොර කරන්නට ලබා දුන් සහයේ “රිටන්” එක කැලණි කරූට නරක් වී නැත.
ජනාධිපති අනුර ද තමන්ව විභාගයෙන් ගොඩ දැමූ “කැලණි කරූ” ව නොසලකා හැර ද නැත. ඔහුට දෙන්න පුළුවන් හැමදේම ඇත්තේ දීලාය. මේ වර්ගයේ යාළුකම්වලට කියන්නේ “අඹ යාලුවෝ” කියාය. අනුර කරන්නේ ඒ යාළුකම්වලට සැලකීම ය. කැලණි කරූ ඒකෙන් ගත්තේ පට්ට වාසියකි. ඒ වාසි දැනගත්තත් ජනාධිපති අනුර ඉන්නේ ඒවා නොදන්නා ගානටය. ඒ, “වැඩේ හිමිහිට හොඳින් යන” හින්දාය.
ඉස්සර අපි කීවේ ගජමිතුරු ධනවාදය කියාය. දැන්, මේකට කියන්න වෙන්නේ ගුරු ගෝල ධනවාදය කියාය. අන්තිමට කියන්නට වෙන්නේ “මාර වැඩේ – ලංකාවට උනේ” කියාය. ඒ මොනවා වුනත් ලබන පාරත් අපි මාලිමාවට ය.